සන්ධාන ප්‍රබල සමාජිකයන් පිරිසක් එජාපයට එක්වේ..

October 6, 2019 at 6:48 pm | lanka C news
සන්ධාන ප්‍රබල සමාජිකයන් පිරිසක් එජාපයට එක්වේ..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක අමාත්‍යය සජිත් ප්‍රේමදාස  මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණා.

එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩලය රැස්විම මහනුවර දිස්ත්‍රික් එජාප සංවිධායක , ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිලිබද අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය උත්සව ශාලාවක පැවැත්විණ.

එම රැස්විමේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් පිරිස එක්සත් ජාතික පක්ෂය සමග එක් විණ.

එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්විම නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිය මහතා විසින් සංවිධානය කර තිබුණි.

මෙම ආසන  බල මණ්ඩල රැස්විමේදි අමාත්‍යය  ලක්ෂ්මන් කිරිඇල්ල , මහනුවර දිස්ත්‍රික් එජාප ප.මවරුන් වන මයන්ත දිසානායක , වේලු කුමාර් යන මහතුන්ද අදහස් දැක්විණ.

– හැටන් රංජිත් රාජපක්ෂ

54 views

11 Comments to “සන්ධාන ප්‍රබල සමාජිකයන් පිරිසක් එජාපයට එක්වේ..”

  1. Saradiel says:

    පොල්තෙල් අරන් ඉතුරු උනු පුන්නක්කු ටික

    • ආදරයෙන් මගෙ චන්දදායකයට.. says:

      ඈ බොලං “”ගෝටාභය එන සතියේ ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් වෙනවා. කියල 200% අනාවැකියක් කියපු අපේ රාජිතයට 🦷 මොකද උනේ කියල.. හොයපල්ලකො “”?
      හරිම නිශ්‍ෂබ්දයිනේ බොලං..? රටටම හොරෙන් ආයිත් සිංගප්පූරු ගිහිල්ලාද ??
      චතුරයටත් මොකද වෙලා තියෙන්නේ..??

  2. උපාසක says:

    කවුද ආයිබෝවං මේ ප්‍රබල සාමාජිකයෝ.. නම් ගම් ඇතුව කීවානම් හොදයි නේද.

    • Hoo !!! says:

      කොයිතරම් ප්‍රබලද කිව්වොත් උංගෙ නම් කිව්වට කවුරුත් දන්නෙ නෑලු 😀😂

  3. john the baptist says:

    රටකන හැත්ත! කොනකපා ගත්ත එවුන් තමයි ඒ පැත්තට යන්නේ.

  4. Rosh says:

    හහ් හහ් හා…. ප්‍රබල ඡන්ද කීයද??? ඕනෙනම් සූ ගාලා 10ක් ඇති…

  5. Galbahu says:

    Mahindanandage boru sadde witari.GR rawattagena innawa. Loketa parakase gedarata maragathe.

  6. සුන්දර බංඩා ජයසුන්දර says:

    මේ පැති මාරු කිරීම් වලින් කරන්න පුළුවන් මොන කෙංගෙඩියක්ද? පොදුජන පෙරමුණට 2018 දී ලැබුණ ඡන්ද ලක්ස 50 ට හානියක් වෙලා නෑ.බදාදා අනුරාධපුරේ නව සන්ධාන අවබෝධතා ගිවිසුමෙන් අමතරව ශ්‍රීලනිප ලක්ෂ 15ක් ගෝටාභයට ලැබිම වලක්වන්න බෑ.සජිත් ප්‍රේමදාසට ගියපාර පක්ෂයට ලැබුනු ඡන්ද ලක්ස 36 ආරක්ෂා කර ගත නොහැකි තත්වයක් දැනට නිර්මාණය වී තිබේ. ඔහු උත්සාහ කලේ මෛත්‍රි හා සම්බන්ධන් කථාකරගෙන ලක්ෂ 54ක් ලබාගැනීමටයි.රටේ වාසනාවට එය වැලකී ඇත.ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලක්ෂ 67 ක්වත් ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.

  7. සකලබුජං says:

    කවුරු උනත් දේශපාලන කාලගුණය නොතේරෙන හරක් සෙට් එකක්. ස්තුතියි.

Main News