සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ වාහනය හැපී තිදෙනෙක් රෝහලේ..

March 16, 2019 at 1:20 pm | lanka C news
සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ වාහනය හැපී තිදෙනෙක් රෝහලේ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාගේ වාහනයේ වැදීමෙන් අනතුරට පත්වූ යුවලක් හා දරුවකු රෝහලට ඇතුලත් කර තිබේ.

මැදවච්චියේදී මෙසේ අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 27ක් වූ තරුණයෙක් වයස අවුරුදු 25 ක් වූ තරුණියක් සහ වයස අවුරුදු එකහමාරක් වූ ඔවුන්ගේ දරුවාය.

මන්ත‍්‍රීවරයා ගමන් ගත් වාහනය මෙම තිදෙනා ගමන් ගත් යතුරු පැදියේ හැපීමෙන් අනතුර සිදුව ඇත.

47 views
Main News