සන්ධාන මහ ලේකම් අමරවීරට O/L අසමත්.. ඔහුට අධ්‍යාපනයක් නෑ..- සමගින් ශ‍්‍රීලනිප පිපිරුම එලියට පනී

July 14, 2019 at 6:32 am | lanka C news
සන්ධාන මහ ලේකම් අමරවීරට O/L අසමත්.. ඔහුට අධ්‍යාපනයක් නෑ..- සමගින් ශ‍්‍රීලනිප පිපිරුම එලියට පනී

සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබුණා නම් සන්ධාන මහලේකම් මහින්ද අමරවිර මහතාට සත්‍ය තේරුම් යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහුට මෙම සත්‍යය නොතේරෙන්නේ අධ්‍යාපනයක් නැතිකම නිසා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහින්ද අමරවීර සන්ධාන මහලේකම්වරයා සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූවකු බව ද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

තමනට සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ විභාගය සහතිකද ඇති බවද තමන් හා ඕනෑම නාලිකාව විවාදයට පැමිණෙන ලෙසද එස් බී දිසානායක මහතාට අභියෝග කරයි.

26,603 Viewers

14 Comments to “සන්ධාන මහ ලේකම් අමරවීරට O/L අසමත්.. ඔහුට අධ්‍යාපනයක් නෑ..- සමගින් ශ‍්‍රීලනිප පිපිරුම එලියට පනී”

  1. අපොස සාපේ says:

    ඕවා ඔහොම තමයි.
    රාජපක්ෂලා එක්කෙනෙක්ටවත් A/L නෑ….මෝඩලන්තයේ බූරැවන්ට හොඳා මේ පාලකයෝ.

    • sarath says:

      So called SB has not got any qualification. He worked as a laborer in Andapana Estate in Kamburupitiya.

      • ගුනපාල says:

        ගොබ්බ බොරු කියන්න එපා හලෝ කට හැකර SB මොකා උනත් ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යා ලයේ ආර්ථික විද්‍යා උපාධි දරයෙක්.

    • ජසයා says:

      සාමාන්‍ය පෙල වත් නැත්නම්, මහින්ද නීති විද්‍යාලයේ ලියාපදිංචිවී නීතිඥයෙක් වුනේ කොහොමැයි?

    • ජසයා says:

      සාමාන්‍ය පෙල වත් නැත්නම්, මහින්ද නීති විද්‍යාලයේ ලියාපදිංචිවී නීතිඥයෙක් වුනේ කොහොමැයි??

  2. යසන්ත says:

    දැන් තියෙන්නෙ දේශපාලන සිස්ටම් එකට මොන උගතෙක් ආවත් ඌව වේනස් කරනවා, නැත්නම් පැවැත්මක් නෑ. ඒක නිසා මේ හැමෝම උපරිම හම්බ කරන්න බලන්නේ. ඊලග පාර ඡන්දෙ දෙන්න ඕනේ සිස්ටම් එක වෙනස් කරන් එකෙකුට යන්නයි මගේ අදහස. උදාහරණයක් විදියට ගෝටා ආවාත්වැඩක් නෑ මොකද 19 වෙනි සංශෝධනය නිසා ජනපති කියන්නෙ පබයෙක්.

  3. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    රාජපක්ෂලා එක්කෙනෙකුටවත් AL නෑ.
    මහින්ද Lawyer උනේ 1970 දශකයේ පාර්ලිමෙින්තු මන්ත්‍රීවරැන්ට මූලික සුදුසුකමක් නැතිව නීති විද්‍යාලයට ඇතුළු වෙන්න තිබුන වරප්‍රාදය යටතේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලෙගෙ පිහිටෙන්.

    • harsha says:

      මහින්ද උසස් පෙල කරපු කාලය අනුව විෂයන් 3ක් සමත් වෙලා අසමත් විෂයට 25ට වැඩි නම් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්.

    • දේවදත්ත says:

      අනුන්ගේ කුණු අවුස්සන්න කලින් සිවුර ගලවලා එන්න.

  4. Gayantha says:

    මහ ලොකුවට ඉගෙන ගත්තු දෙන්නා කිව්වට අමු මෝඩයෝ දෙන්නෙක්නේ. එකෙක් උසාවියට අපහාස කරලා හිරෙත් ගියපු කාලකන්නියෙක්. උගත් කමයි බුද්ධිමත් කමයි දෙකක්. ඉගෙන ගත්තා කියලම රටක් කරන්න සුදුසු නෑ.

  5. Thalis says:

    උගතුන් සෙවීමට නොහැකිවුනොත් සිදුවෙන්නෙ
    අපේ රට උගත් රටක පාලනයට නතුකරන්නද?

  6. Tikiri says:

    Sarath ඔබ දනේනැතිදේ කියන්න එපා වාචාල කමට SB ජපුර විශ්ව විද්දිලයෙ B.COM. උපාධිධාරියකි
    පසුව ගණකාධිකාරි වරයකු කටයුතු කරර ඇත.
    .

  7. gadol says:

    කලින් සිටිය අපේ රජවරු රට දියුනු කලේ ඔය විබාග පාස්කරලද සුද්දගේ ඉගැන්වීම් වලට ගිහිල්ලා තමා දැන් රට කෙලවෙලා තියෙන්නේ

Main News