සන්ධාන රජයක් හදන්න ඇමතිකම් ගන්නැයි ඒකාබද්දයෙන් දැඩි ඉල්ලීම්..

February 19, 2018 at 12:40 pm | lanka C news
සන්ධාන රජයක් හදන්න ඇමතිකම් ගන්නැයි ඒකාබද්දයෙන් දැඩි ඉල්ලීම්..

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම සදහා ඇමති දුර කිහිපයක් හෝ ලබා ගන්නා ලෙස ශ‍්‍රීලනිප මෛත‍්‍රී පාර්ශවයෙන් ඒකාබද්ද විපක්‍ෂයට ඉල්ලීම් ලැබෙමින් ඇති බව වාර්තා වෙයි.

එහිදී මහින්ද පාර්ශවයෙන් දැනුම් දී ඇත්තේ මෛත‍්‍රී පාර්ශවය සම්බන්දයෙන් ඇත්තේ දැඩි අවිශ්වාසයක් නිසා කිසිසේත්ම ඇමති ධුර හෝ ආණ්ඩුවේ තනතුරු ගැනීමට සූදානමක් නැති බවයි.

කල හැකි එකම දෙය නම් හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වන තෙක් රට අරාජික නොවී ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය බහුතරය ලබා දීම බමණක් යයිද ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් වැඩි දුර සාකච්චා කිරීමට අවශ්‍ය නම් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂ මහතා සෘජුව සාකච්චාවකට යොමු කරන ලෙසද මහින්ද පාර්ශවය දන්වා ඇත.

94 views

12 Comments to “සන්ධාන රජයක් හදන්න ඇමතිකම් ගන්නැයි ඒකාබද්දයෙන් දැඩි ඉල්ලීම්..”

  1. mada gohoruwa says:

    Me okkoma balaya rakagannai balalobi kama hindai. Eka baddayath mada gohoruwata adagannai kalpanawa. ahuvenna epa

    • kamalasirikuruwita says:

      කපටියන් විස්වාස කරන්න එපෝ !!! පාඩම් ඉගෙන ගත්ත මදිදෝ !!!! අවුරුදු තුනේ කුණු කන්දට කර ගහන්න එපෝ !!!!!! ජනාධිපති එල්ලුණු දිරච්ච ලනුවේ එල්ලෙන්න එපෝ !!!!! එයාගේ දේශපාලන අනාගතය රනිල්ම පමණි. වැරැදී ආශ්‍රය නිසා එයා එයාගේ වල කපා ගනිමින් සිටි. ය ඔහුට එය නොතෙරීම ඔහුගේ කරුමයයි.

      • සුද says:

        ජයවේවා මුන්ගේ ඇමතිකම් අපට එපා අපි පොහොට්ටුවට චන්දෙ දුන්නේ මුන්ව රැකලා දෙන්න නෙවෙයි ඔය හදන්නේ මහින්දලාව ආයේ පාරක් අන්දවන්න .
        ජයවේවා මහින්ද මැතිතුමනි මුන්ගේ ඇමතිකම් එපා කියලා ප්‍රසිද්දියේ ඔය වචන ටීකා මාද්‍යයේත් ප්‍රචාරය කරන්න මොකද මුන් බොරුව උනත් විකුනන්න පුළුවන්

    • kamalasirikuruwita says:

      කපටියන් විස්වාස කරන්න එපෝ !!!
      පාඩම් ඉගෙන ගත්ත මදිදෝ !!!!
      අවුරුදු තුනේ කුණු කන්දට කර ගහන්න එපෝ !!!!!!
      ජනාධිපති එල්ලුණු දිරච්ච ලනුවේ එල්ලෙන්න එපෝ !!!!!
      එයාගේ දේශපාලන අනාගතය රනිල්ම පමණි. වැරැදී ආශ්‍රය නිසා එයා එයාගේ වල කපා ගනිමින් සිටි. ඒ බව ඔහුට නොතෙරීම ඔහුගේම කරුමයකි. මේ සියල්ල මහින්දගේ පොහොට්ටුවට ඉදිරියට යාමට ජනතා කැමැත්ත වැඩිවීමට ප්‍රබල හේතුවකි
      රටට ජයවේවා !!!!!!!!!!!

  2. Sarath says:

    SLFP එක කරන වැරදි වලට දායක කරගන්න yi ඔය උප්පරවැටි ටිය.ahuwenna එපා .තනතුරු නොගෙන මහ මැතිවරණයක් ලබාගන්නා තුරු පමණක් සහයෝගය දෙන්න

  3. Supun says:

    Amathikam gannanam epa aragena aye ennath epa

  4. මාතලේ බණ්ඩා says:

    රනිල් කණ්ඩායම, මෛත්‍රීපාල කණ්ඩායම, මහින්ද කණ්ඩායම සහ JVP කණ්ඩායම රටට ආදරේ නැති බලලෝභීන් බව ඔප්පුකිරීමට මෙි සිදුවීම් හොඳටම ප්‍රමාණවත්. රට අරාජික නොකර පලයවි ගෙදර.අහිංසක ජනතාව ඔබලාට සාප කරනවා නිසැකයි.

  5. රාහුල මල්ලී says:

    කිසිසේත් තනතුරු ලබා නොගත යුතුය…. පොදුඡන පෙරමුණ ලෙසට නව වැඩ පිලිවෙලක් අනුව නැවුම් බලාපොරොත්තුවකින් යුතුව ඡනතාව ඉදිරියට යනවා විනා ඇමතිකම් අරගෙන පිළුණු වෙච්ච ශ්‍රීලනිපයට මුක්කු ගැසීම කිසිසේත් නොකල යුතුය.. මුක්කු ලබා ගැනීමට ගොස් යූ.ඇන්.පියට අද සිදුවෙලා තියෙන දෙයින් පාඩම් ඉගෙන ගන්න…

  6. Eng Senerath says:

    මුන් ඔක්කොම් එකයි. පල් හොරු !
    පොට්ටුවන්ට නෝ කොන්ෆිඩන්ස් එකක් ගෙනත් ආණ් ඩුව පෙරලන්නෙ නැතුව රට අස්ථාවර කරමින් ආප්පයාගේ කොල්ලන්ට ලනු දෙනවා. ආප්පයා රනිල් අතහරින්නේ නෑ. ඒක කරන්නෙ කොහොමද පණට ආදරේ කෙනෙක් ?

  7. ranaweera gunasena says:

    තමන් වලේ වැටිල අනිත් අයත් ඒ වලටම ඇදල ගන්න දරණ උත්සාහයක්

  8. Saman Adikari says:

    If you of SLPP accepts cabinet position not that aspiration of majority people’s will and wish?

    Vote for SLPP is different political agenda ,World is changing ,new era need new set of policies to rebuilds our country? UNP and MS cannot last long.

  9. Sooraseana says:

    Meagolloa aanduwa peraluwaanam my3 and ranil not sure loang life, thay ll want famly political ,not for people’s and country pls thing and decide !

Main News