සන්නද්ද පිරිසක් යකා නටයි.. නිවාස ගාණකකට හානි.. ග්‍රාමසේවකටත් ගුටි අනී..

April 24, 2018 at 5:30 pm | lanka C news
සන්නද්ද පිරිසක් යකා නටයි.. නිවාස ගාණකකට හානි.. ග්‍රාමසේවකටත් ගුටි අනී..

යාපනය චාවකචේරි මට්ටුවිල් ප්‍රදේශයේදී ඊයේ (23) සහ පෙරේදා යන දිනයන්හි නිවාස හානි කිරීම් හා පුද්ගල පහරදීම් සිදු කල පිරිසෙන් එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට චාවකච්ඡේරි පොලීසිය කියා සිටියේය.

චාවකච්චේරි කුට්ටුභාර ප්‍රදේශයේ පිහිටි නිවාස 3 කට පමණ ඊයේ සවස පස් දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් තියුණු ආයුධ සමග පැමිණ නිවසේ තිබූ බඩු බාහිරාදිය විනාශ කොට ඇඳුම් වලට ගිනි තබා නිවෙස් වලටද හානි කොට පලා ගොස් තිබූ අතර ඊට පෙර දිනයේදී පාපැදියකින් ගමන්ගත් ග්‍රාමසේවක වරයෙකුටද පහර දී ඇත්තේ මෙම පිරිස් විසින්ම බවටද පොලීසිය විසින් අනාවරනය කොට ඇත.

අදාල පහරදීම හා නිවාස හානි සිදු කිරීම් සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කල පොලීසිය විසින් මේ වන විට ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පහරදී ගැනීම් හා නිවාස හානි සිදු කිරීම් පෞද්ගලික ආරවුලක් දුර දිග යාමක් නිසා වූවක් බවට මේ වන විට තොරතුරු අනාවරනය වී ඇති අතරම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාද පරික්ෂණයක් ආරම්භකොට ඇති බවට චාවකච්ඡේරි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10 views

3 Comments to “සන්නද්ද පිරිසක් යකා නටයි.. නිවාස ගාණකකට හානි.. ග්‍රාමසේවකටත් ගුටි අනී..”

  1. David Milli-banda says:

    Jaya wewa…. kalala de… pala pala de……. madei kata wahagena hitiya…

  2. Amda says:

    හමුදා නිලධාරීන් සිරගත වන රටක මැරයන් ට රජ මඟුල් කිව්වලු

  3. Amarae says:

    Gama Dinapu …Pohottuwo Weda Patan Gattha Witharaaaai.

Main News