සඳහිරු සෑය දෙමළ ජනයාගේ වෛරය අවුලන ගින්දරක්.. එය ඉදිකිරීමට මා විරුද්දයි..- අගලකඩ සිරිසුමන හිමි

November 19, 2021 at 11:20 am | lanka C news
සඳහිරු සෑය දෙමළ ජනයාගේ වෛරය අවුලන ගින්දරක්.. එය ඉදිකිරීමට මා විරුද්දයි..- අගලකඩ සිරිසුමන හිමි

යුද ජයග්‍රහණ සැමරීම සඳහා ස්මාරක ඉදි කිරිමක නොකල යුතු බව මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ සඳහන් කරති.

සඳහිරු සෑය නිර්මාණය කර ඇත්තේ යුධ ජයග්‍රහණය සැමරීමේ ස්මාරකයක් ලෙස බවද පැවසූ වසන උන්වහන්සේ මෙහි කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී තමා ඊට විරෝධය පළ බවද සඳහන් කරති.

මෙම ඉදිකිරීම හේතුවෙන් පරාජිත වූ පිරිසකට වෛරය ඇතිවන බවත් ඒ ආකාරයට කටයුතු නොකළ යුතු බව උන්වහන්සේ කියා සිටිති.

සඳ හිරු පරාජිත පිරිසක් අතර වෛරය දල්වන ගින්දරක් බවත් පෙන්වාදෙන උන්වහන්සේ එම ඉදිකිරීම නිසා සිංහල බෞද්ධයන් පිරිසක් මෙන්ම ඇතැම් රණවිරුවන් ද සතුටු වනු ඇති බවද කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර සිටියහ.

69,042 views

57 Comments to “සඳහිරු සෑය දෙමළ ජනයාගේ වෛරය අවුලන ගින්දරක්.. එය ඉදිකිරීමට මා විරුද්දයි..- අගලකඩ සිරිසුමන හිමි”

  1. MD says:

    ඔබ වහන්සේ වහාම මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අතිගරු ජනපති අගමැති ඇතුලු සමස්ත රණවිරුවරුන්ගෙන් සමාව අයැද සිටින්න.නැත්නම් ඔබ වහන්සේ වහාම මෙරටින් පිටුවහල් කරන්න ජනයා ඵකතු විය හැක.බොහොම අශිෂ්ඨ ප්‍රකාශයක් නිසා ඉතාමත් පිළිකුලින් යුතුව ප්‍රතික්ෂේප කරමි.