මහා දුෂිතයා ඉවතට.. සඳුදා කැබිනට් මාරුව… මුදල් හා මාධ්‍ය මංගල, රාජ්‍ය පරිපාලන ගයන්ත, ඉඩම් රංජිත් මද්දුම බණ්ඩාර, රවි විදේශ, අමරවීරට දයාසිරිට වෙනසක් නෑ..

May 20, 2017 at 11:20 am | lanka C news
මහා දුෂිතයා ඉවතට.. සඳුදා කැබිනට් මාරුව… මුදල් හා මාධ්‍ය මංගල, රාජ්‍ය පරිපාලන ගයන්ත, ඉඩම් රංජිත් මද්දුම බණ්ඩාර, රවි විදේශ, අමරවීරට දයාසිරිට වෙනසක් නෑ..

ලබන සඳුදා අනිවාර්යයෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු බව මාධ්‍ය වෙත වාර්තා වී ඇත. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ වෙනස් කිරීම මෙහි මූලික අරමුණ වන අතර ඒ අනුව රජයේ මෙතෙක් සිදුව ඇති මහා පරිමාණ සියලුම දූෂණ චෝදනා මහා බැංකුවේ බැදුම්කර මගඩිය ඇතුළුව වර්තමාන මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් වක්‍රාකාරව වගකිව යුතු බව ආණ්ඩුවේ සියලු පාර්ශ්වයන් විසින් තීරණය කොට ඇති බැව් ආණ්ඩුවේ ප්‍රධානින් ගේ ප්‍රකාශවලින් තහවුරු වේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයත් මංගල සමරවීර අමාත්‍යවරයා වෙත පවරන බව අද ඉංගී්‍රීසි පුවත් පතක් වාර්තා කොට ඇත.

එමෙන්ම මෙතෙක් ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දැරු ගයන්ත කරුණාතිලකට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ධූරයත් එම ධූරය දැරු රංජිත් මද්දුම බණ්ඩාරට ඉඩම් අමාත්‍ය ධූරයත් හිමිවන බවත් එම පුවත සනාථ කරයි.

ඉඩම් අමාත්‍ය ධූරය කේ ඩි එස් ගුණවර්ධන අමාත්‍යවරයා මිය යෑමෙන් පසුව එම තනතුර හිස් විමෙන් එය ජෝන් අමරතුංග වෙත පවරා තිබුණි.

එමෙන්ම වර්තමාන මුදල් අමාත්‍ය රවි කරුණානායක අමාත්‍යවරයාට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවරීමට තීරණය කොට ඇති අතර මේ වන තෙක් ඔහු විසින් එය භාර ගැනීමට කැමත්ත ප්‍රකාශ කොට නොමැත.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් පසුගිය කාලයේ පුන පුනා කිව් මහින්ද අමරවීර අමාත්‍යවරයාට වැඩි වගකීම සහිත අමාත්‍ය ධූරය මෙවර නොලැබීමටත් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධව විශාල හඬක් නැගි දයාසිරි ජයසේකරටත් තව දුරටත් වර්තමාන අමාත්‍ය ධූරයේම සිටීමට සිදුවනු ඇත.

73 views

9 Comments to “මහා දුෂිතයා ඉවතට.. සඳුදා කැබිනට් මාරුව… මුදල් හා මාධ්‍ය මංගල, රාජ්‍ය පරිපාලන ගයන්ත, ඉඩම් රංජිත් මද්දුම බණ්ඩාර, රවි විදේශ, අමරවීරට දයාසිරිට වෙනසක් නෑ..”

  1. Karu says:

    මාත් බලා ඉන්නෙ විපස්සෙට ගිහින්, පිටුපසෙ ඉඳ ගෙන ජනාදිපති එළවන්න වැඩ කරන අපේ වීරයාට විසිල් කරන්න.

    • kamalsirikuruwita says:

      මහා දිෂිතයා මෙයා නම් මහා බැංකු හොරා කාපු එවුන්ට මොකද්ද කියන්නේ බ්‍රෝ !

      • kaniya says:

        රවී අර ඉබ්බා දියේ දාන්නද කියල ඇහුවම ඇන්නෑවේ කිව්වා වගේ විදේශ ඇමතිකම එපා කියන්නේ
        හැබැයි මිනිහා 2002 ආණ්ඩුව කාලේ වෙළඳ ඇමති වෙලා පිටරට ගිය තරම් කාටවත් මතක නෑ .දැන් ඉතින් මිනිහා මිනිහගේ ගෑනිගේ ඉඳලා මුළු හත්මුතු පරම්පරාවම විදේශ අමාත්‍යංශයේ රැකියා වලට දමාවි .තානාපතිකම් විතරක් නෙවෙයි තානාපති කාර්යාල වල සේකට්‍රිලාගේ ඉඳලා සුළුසේවකයෝ රියදුරෝ දක්වා හැමදෙනාම මිනිහගේ හෙන්චයියෝ දමාවි .මේ කොමෙන්ට් එක මතක තියාගන්න .අපි මිනිස්සු දන්නවා මේ ඊයේ පෙරේදා කොල්ලෝ මෝඩයෝ වගේ යහපාලනය ගෙන්න කියල දුන්නේ කඹ හොරු රැලකට

    • ඇත්ත says:

      දෙමළ ඩයස්පෝරාවේ සල්ලි ලංකාවට….අතුරැදහන් පනත ක්‍රියාවට…
      මුදල් මංගලට….ගහන්න හයියෙන් අප්පුඩියක්….

  2. ranjith says:

    Mee wanne nathi dayak

  3. Dasun says:

    Best wishes to our matara hero minister mangala samaraweera who will take our country to economic prosperity
    Jaya wewa

  4. kamalsirikuruwita says:

    බුරුව කුට්ටම කොහොම ඇනුවත් එකයි . තෝන්කාරයට ගානට ගාන කැපෙනවා . අත කවුරු දිහුවත් තෝන්කාරයට ගාන කැපෙනන නිසා අන්තිමට බුරුපිටියෙන් වැඩියෙන්ම දිනලා තියෙන්නේ තෝන්කාරය. මේක නිකන් විහිළු විතරයි .රනිල්ටයි රවිටයි මයි3 බය නිසා ඕව නිකන් වචන විතරයි . රනිල් “හා” කිව්වොත් වැඩේ කෙරෙයි . ඔන්න කතන්දරේ ! හරිය !!.

    • asaranaya says:

      මේවා මයිතූනයා ගෙ බොරු පොර ටෝක්, ප්‍රවේශමෙන්, Handle with care

  5. Nandasoma says:

    මහා දූෂිතයා මෙයා නම් මහා බැංකු හොරා කාපු එවුන්ට මොකද්ද කියන්නේ බ්‍රෝ !

    මහ බැංකුව ෙහාරා කාපු අගමැතියව අයින් කරන්ෙන නැද්ද?

    ෙම් ෙබාරුව කරන්ෙන ඒ් වංචාව වහ ගෙන අගමැතියව ෙබ්ර ගන්න ෙන්ද????

Main News