සපුගස්කන්ද දැවි තෙල් ගංවතුරට මුසුවෙයි.. කොළඹ, ගම්පහ පානීය ජලයට මුසුවීමේ අවදානමක්..

June 5, 2021 at 8:40 am | lanka C news
සපුගස්කන්ද දැවි තෙල් ගංවතුරට මුසුවෙයි.. කොළඹ, ගම්පහ පානීය ජලයට මුසුවීමේ අවදානමක්..

අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් වැසි ජලයට මිශ‍්‍ර වී තිබේ.

නාවික හමුදාව සඳහන් කරන්නේ ඒවා කැලණි ගඟට එක් වීමේ අවදානමක් ඇති නිසා එම තත්ත්වය වැළැක්වීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

දැඩි වර්ෂාපතනය හේතුවෙන් තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ අඩංගු ගබඩා ටැංකි තුළට වැසි ජලය ඇතුළු වී පිටාර ගලා ගොස් ඇත.

එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

මෙම දැවිතෙල් කැලණි ගඟට එක් වුවහොත් එම ගඟේ ජලය ලබා ගන්නා බියගම සහ අඹතලේ ජල පවිත්‍රාගාර මඟින් පානිය ජලය බෙදා හැරීමටද යම් බලපෑමක් ඇති වනු ඇත.

එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ඉන්ධන පෙරණයක් මගින් පෙරා ඉවත් කිරීමට කටයුතු කරමින් ඇතැයි ද නාවික හමුදාව කියා සිටී.

39,516 views

10 Comments to “සපුගස්කන්ද දැවි තෙල් ගංවතුරට මුසුවෙයි.. කොළඹ, ගම්පහ පානීය ජලයට මුසුවීමේ අවදානමක්..”

  1. පොඩි එකා says:

    තෙල් ටැංකි අස්සට වතුර යන්නෙ වැස්සට තෙමිලා, මොන උට්ටක් ද යකෝ මේ?
    යකෝ වැස්සට වතුර නොයන ටැංකියක් වත් හදාගන්ඩ බැරි ද මේ ලංකාවෙ පර හැත්තට?
    රාවනා ගෙ ඇටදෙක වර්ණනා කර කර ඉන්නෙ පැය විසිහතරම.

    • Hasitha says:

      අර ලොක්කන්ගෙ ලෑටි ගාන කෝ කෝ කෝ?
      දා ගෙන ගොඩ යන්ඩ ලෑටි ගෑවට වැඩ බෑ!

    • ශිරා says:

      තෙල් සංස්ථාවේ ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන් වැඩිම පඩියක් ගන්න පිරිසක්.
      බොහොමයක් පිරිස එක එක දේශපාලන පත්කිරීම් මිසක් සුදුසු මිනිස්සු නෙවේ.(ටොයි බයි ජෙප්පෝ ඇතුළුව)

      තාම අපි එක එක් පක්ෂ වලට කඩේ යමු තමන්ගේ වාසියට(තෙල් සංස්ථාවේ ජොබ් එකක් ගන්න වගේ)

      රටක් හැදෙයි ඉතින්. මෙහෙම රටක් දියුණු උනොත් තමා පුදුමේ.

      • පොඩි එකා says:

        ශිරා තමා කීවෙ සිරා කතාව.
        දේසපාලු පත්වීම් ටොයි බයි ජෙපි

        • අනිවාර්යයෙන් සුදුසුකම් තියන එවුන් පැත්තක දේශපාලන හෙංචයියන් ඇතුළේ .
          නිල්,රතු ,කොළ,දම්, කොයි කවුරු ආවත් mමේ නස්පැත්තිය නතර කරන්න බැහැ.

  2. Darshana abayakoon says:

    සාටකයේ සාපය

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      බත්බැලයට පවි

  3. ජිමි බේබි says:

    අනේ මන්දා අපේ රටට මහා ඛේදවාචකයක් වෙමින් පවතී.
    කැලණි ගඟේ නගයාට කියල, කුන්ඩලීන ශක්තියෙන් මුටිට දේව් හා තඩියා ඵකක්, සුමනදාස හොයාගෙන ගිහින් හොඳම නැකත බලලා, තව මුටිටයක් දාන්ඩ.

  4. Lal Fernando says:

    මගේ ජීවිතේ පළවෙනි වතාවටයි මෙහෙම දෙයක් ඇහුවෙ. මොනවද මේ වෙන්නෙ. ලැජ්ජයි , දුකයි .😢😢😢😢😢😢😢😢😢

  5. ආගමික ශබ්ද දූෂණය එපා ! says:

    ඔය තෙල් ටැංකි ඉදි කරද්දි පිටාර මට්ටම් , ගංවතුර මට්ටම් ගැන සලකලා තමා ඉදි කරන්නෙ. නමුත් කාලයාගේ ඇවෑමෙන් මිනිස්සු ඒ අවට පහත් බිම් ගොඩ කරලා විකුණලා ගෙවල් හදාගෙන තියෙනව. ඇතැම් අය එහෙම පහත්බිම් ගොඩකරපු ඉඩම් මිලදී අරගෙන ගෙවල් හදලා තියෙනවා. ඉතින් වතුර බහින්න ඉඩක් නැහැ. එහෙම කියලා මේක පිරිපහදුව පැත්තෙන් සාධාරණීකරනය කරන්නත් බැහැ. එවැනි තත්වයක් එක්වරම උද්ගත වන්නේ නැහැ. පොම්ප මඟින් එම දැවිතෙල් බවුසරවලට හෝ පුරවා වෙනත් හිස් අතිරේක ටැංකිවලට පුරවන්න තිබ්බා. දැන් ඉතින් මේ මිනිසුන්ට බොන්න වතුරත් නෑ. වන්දි ගෙවන්න සූදානම් වෙන්න !