සබන් කියා ‘බේතින් බාර්’ විකුණා පාරිභෝගිකයින් මුලා කරයි.. අපිට නොදැනි අපිම විකිණෙයි..

December 27, 2018 at 6:30 am | lanka C news
සබන් කියා ‘බේතින් බාර්’ විකුණා පාරිභෝගිකයින් මුලා කරයි.. අපිට නොදැනි අපිම විකිණෙයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සබන් කියා බේතින් බාර් විකුණා පාරිභෝගිකයින් මුලා කිරීම! අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක!

ඈත අතීතයේ සිටම මිනිසා ශරීරය පිරිසිදු කර ගැනීම සදහා සබන් භාවිතා කර ඇත. ඒ නිසාම බොහෝ පාරිභෝගිකයින් පුරුදුවී ඇත්තේ කඩේට ගොස් ඇගේ ගාන සබන් කැටයක් ඉල්ලීමටය නැතහොත් සබන් කැටයක් මිලදී ගැනීමටය. එහෙත් වර්තමානයේ පාරිභෝගිකයින් සබන් කියා මිලදී ගෙන ඇගේ ගාන්නේ සබන් නොව බේතින් බාර්ය.

අධික ලාබ ලබා ගැනීම සඳහා මහාපරිමාණ සමාගමක් විසින් සබන්වලට කෘත්‍රිම රසායනික සංයෝග එකතුකර බේදින් බාර් යන කාණ්ඩය යටතේ සබන් වලට වඩා මිළෙන් අඩු සබන් වැනි වූ සේදුම්කාරකයක් සඳහා SLS ප්‍රමිතියක් සකස්කරවා ගෙන ඇත.

ලංකාවේ වලංගු ප්‍රමිතීන්ට අනුව ඇ‍ඟේ ගාන සබන් කැටයක් ලෙස හැඳින්වීම සදහා TFM (Total fatty matter ) අගය 76.5% ට වඩා වැඩි විය යුතුය.  TFM අගය 76.5% ට වඩා අඩු නම් එම නිෂ්පාදනය සබන් කියා හැඳන්විය නොහැක. ඒවා බේදින් බාර් (Bathing Bar)ලෙස හඳුන්වයි.

අප සබන් කියා ඇ‍ඟේ ගාන බේදින් බාර් කැටයක අඩංගු TFM  අගය 40% ක් දක්වා අඩු විය හැකිය. අපි රෙදි සේදීමට ගන්නා කෘතිම සේදුම් කාරක අඩංගු නැති සබන් කැටයක TFM අගය 59% කි. බේදින් බාර්වල කෘත්‍රිම සේදුම්කාරක කොටස සඳහා එක් මහා පරිමාණ සමාගමක් විසින් ලොව පුරා රෙදි සෝදන කුඩු සහ පිඟන් සෝදන දියර සෑදීමට ගන්නා සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් – Sodium Dodecyl  Benzene Sulfonate (SDBS) නැමති කෘත්‍රිම සේදුම් කාරකය එක්කර ඇත.

එම SDBS නැමති කෘත්‍රිම සේදුම් කාරකය ඇඟ ගල්වන නිෂ්පාදනවලට යෙදීමෙන් ඇස්වලට සහ සමට හානි සිදු විය හැකි බව පරියේෂණ මගින් ඔප්පු වී ඇත.

එසේ වුවද ලංකාවේ ඇති නීතිවල හිඩැස් වලින් රිංගා යන ඇතැම් මහා පරිමාණ සමාගම් SDBS  යෙදූ බේදින් බාර්, සමට සුමුදු සබන් යයි කියා අපට අලෙවි කරමින් සිටී. අපව නොමග යවමින් සිටී.

අද වන විට ජනගහණයෙන් වැඩි කොටසකට කුමක් හෝ චර්ම රෝගයකි. කණ්නාඩි පළඳින කුඩා ළමුන් පවා වැඩි වෙමින් පවතී. එවැනි කූට සමාගම් විශාල ලාභ සඳහා පාරිභෝගික අපිව නොමග යවා අපව ලෙඩ රෝග වලට නිරාවරණය කරමින් සිටී.

ජනතාව බහුජාතික සමාගම් වලින් පීඩා විදිද්දී පාලකයින් මර නින්දේය. රෝග නිධානයට පිළියම් නොකරන ඔවුන් රෝගයට පිළියම් සොයයි. පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සෑම වසරකම දෙගුණයක් වෙද්දී පාලකයින් පිළිකා රෝහලේ නම වෙනස් කළේය. තවත් පිළිකා රෝහල් සෑදීම සදහා යෝජන කළේය. ජනතාවට දැන් තිබෙන දැවෙන ප්‍රශ්ණය නම් වස විස තොර  ආහාර ලබා ගැනීම හා විසෙන් තොර සබන් සහ ආලේප ලබා ගැනීමට ඇති නොහැකියාවයි. එහෙත් පාරිභෝගිකයා වැඩි ඇල්මක් දක්වන්නේ දේශපාලනයටය. කරන්නට දෙයක් නොමැත. අපට කීමට ඇත්තේ “අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක” යන්න පමණකි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

37,049 Viewers

18 Comments to “සබන් කියා ‘බේතින් බාර්’ විකුණා පාරිභෝගිකයින් මුලා කරයි.. අපිට නොදැනි අපිම විකිණෙයි..”

  1. amarakoon says:

    මොනවද මේ සබන් වර්ගය?? දන්නා කෙනෙක් කියන්න.

    • නිශාන්ත says:

      ලංකාවේ මහා පරිමාණයෙන් සබන් අලවිකරණ බහුජාතික සමාගම් තියෙන්නේ එකයි අපි මහාලොකු සබන් විශේෂයක් කියල නෙලුම් මල් සුවද කියල ගාන්නේ අන්න ඒ ජාතිය .ලෝකේ පුරා නිලියෝ ad වල ඉන්නේ අන්න ඒ ජාතිය හැබැයි මතක තබාගනිල්ලා ඔය සමාගම් වල ad කරන්නේ මහා සමාගම් උන් සල්ලි විසිකරලා ටීවී චැනල් වල මේ මුන්ගේ තක්කඩි කම් ගැන විස්තර පලවෙන එක නවත්වනවා .ෆොන්ටෙරා ඇන්කර් වලට පොල්කටු තෙල් දාන කාලෙත් ඔය දේම සිදුවුනා .ටීවී චැනල් වලට ඒ නිව්ස් එක දැම්මොත් ad ලබා දෙන්නේ නෑ කියල ෆොන්ටෙරා එකේ වෙළඳ ප්‍රචාර සමාගම ටීවී චැනල් වලට තර්ජනයක් දාල ඒ නිව්ස් යට ගැහුවා .එනිසා අපි මේ නිව්ස් එක අපේ මිත්‍රයන්ට කටින් කට යවමු ෆේස් බූක් එකේ යවමු .අපේ දේශීය සබන් ඕනා තරම් තියෙද්දී මුන්ගේ විෂ ඇගෙ ගාන්න එපා හැමෝම දැනුවත් වෙන්න මේ කියන්නේ ලංකාවේ නමේ මුල අකුරම තියෙන සබන් ජාතියක් ගැන

  2. හෙන්දිරික් says:

    අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක…

  3. Sri Lankan says:

    This must be true. Recently there was a class action against Johnson & Johnson baby powder causing skin cancer, I guess these ppl are talking about Unilever

    • දනුක says:

      ඔය සමාගම මුළු ලෝකෙටම විකුනන්නේ වස .අපේ මෝඩයෝ ඔය සමාගමේ මහා විශාල වෙළඳ ප්‍රචාර යාන්ත්‍රණයට අහුවෙලා වස විස කනවා පාවිච්චි කරනවා මුන් නළුවෝ නිලියෝ ,හොර දොස්තරලා දමලා ad හදනවා අපේ මෝඩයෝ ඒවාට අහුවෙනවා .ලක්ස් කියන්නේ තනිකරම විස .
      මේවාට මේ සමාගමේ එවුන්ට වගේම කිසිම මනුස්සකමක් නැතිව සල්ලි වලට වෙළඳ දැන්වීම් හදන කොම්පැනි කාරයන්ටත් හෙන ගහන්න ඕනා .යුනිලීවර් සමාගමට නඩු කියක් තියෙනවද .මුන් ඔය සිගරට් කොම්පැනි තරම්ම බයානකයි .
      ඒවගේම මතකනේ ගල්යිපොස්පෙට් හොඳයි කියන්න පහුගියකාලේ අපේ රටේ ආචාර්යලා මහා චාරයලා කොම්පනිවලින් ජරාව කාලා කොම්පැනි වලට තමුන්ගේ උගත්මක වේසකමේ යොදවපු හැටි ?දැන් මුන්ගේ වෙළද ප්‍රචාරක කොම්පැනි වහාම වැඩේට බැහැලා ඔය මුදලට විකිනෙන මහාචාරියලා කිහිපදෙනෙක් අල්ලාගෙන කියාවි මේ සබන් විස නෑ කේක් වෙනුවට කන්නත් පුළුවන් කියල .
      දත් බෙහෙත් ගන්නකොටත් පරිස්සමින් දත් බෙහෙත් ටියුබ් එකේ තියනවා වර්ණ සංකේතයක් (ටියුබ් එකේ මිසක් පෙට්ටියේ නෙවෙයි ) එක තියෙන්නේ ටියුබ් එකේ පිටුපස්සේ හතරැස් කෙරවලේ .තනිකරම ස්වාභාවික දේවලින් හදපු ඒවා ගේ සංකේත වර්ණය කොලපාට .කළු පාට ,රතුපාට කියන්නේ තනි රසායනික ජරාව .ඔය බහුජාතික ප්‍රචාරය කරන දත් බෙහෙත් ඔක්කොගේම වර්ණ එක්කෝ රතු එහෙමත් නැතිනම් කළු කොලපාට තියෙන්නේ අපේ සුදන්ත දත් බෙහෙත්වල විතරයි .නමුත් ඉතින් අපේ මෝඩයෝ වෙළඳ ප්‍රචාර වලට අහුවෙලා ගන්නෙම පාරේ සිග්නල්

      • මේනු says:

        දත් බෙහෙත් සදහා නිල් වර්ණය යොදපුවා සෑහීමකට පත්විය හැකි මට්ටමක් නේද..

  4. abs says:

    මොකද්ද ඔය සබන් වර්ගෙ නම. කෙලින්ම කියන්නකො.

  5. Trumph says:

    මීහරකුන් සන්විදාන හදාගත්තම මෙහෙම තමයි .
    සබන් කැටයෙ ගහලම තියෙනවා ඒක Bathing bar කියල.
    දැන් ලෝකයේ සබන් නැහැ . තියෙන්නේ bathing bar. සහ ditergents පමණයි.
    ඕනැම දෙයක් කඩෙන් ගන්නකොට කියවලා බලල ගත්තා නම් ඉවරයි . බුදියගෙන ඉදල නැගිට්ටම ඔහොමයි .
    කැමති නම් ආයෙත් පෙනෙල ගෙඩි ගාගන්න පුලුවන්.

    • නිශාන්ත says:

      Trump නමින් මේ කොමෙන්ටුව දමන්නේ රටේ සාමාන්‍ය කෙනෙකු නොවේ
      සමාගමක් සුද්ද කිරීමට සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍ය නැති බැවිනි
      මේ කොමෙන්ටුව දමා තිබෙන්නේ ඔය බහුජාතික සමාගම වෙනුවෙන් ඔවුන්ගේ වෙළඳ ප්‍රාචාර ආයතනය විසින්ය .අද රුපවාහිනියේ පමණක් නොව අන්තර්ජාලයේ කොමන්ට් දැමීම සදහාද ad ඒජන්සිවල එවුන් දමා ඇතිබව මතකතබාගන්න ඔවුන්ගේ කාර්ය මෙවැනි දැනුවත් කිරීම් බොරු දේවල් බව ජනතාවට ඒත්තු ගැන්වීමයි .
      මේ ලියන මා වෙළඳ ප්‍රචාරක සමාගමක සේවය කර ඔවුන්ගේ නින්දිත සමාජ විරෝදී වැඩ නිසා සේවයෙන් ඉවත්වූ කෙනෙකි

    • Jagath says:

      ඔව්, Soap දැන් නැහැ. අනිත් එක රසනනික ප්‍රමාණය වැඩි නිසා soap සිනිදු සමට හානිකරයි. දැන් මුළු ලෝකෙම පාවිච්චි කරන්නේ bathing bars…නමින්ම පැහැදිලියි bathing bars කියන්නේ මොකද්ද කියල.

  6. Winsara says:

    api kiyanawa Thorathuru denaganeeme panatha yatathe, adaala saban wargaya mahajanathawata helikaranna kiyala. Paribogika aitheen surakeeme jathika wyaparaya sathuwa adaala daththa sahitha nam meya ikmanin janathawata denuwath kalayuthui.

  7. Shasi says:

    අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක

  8. ranbandara says:

    Andu nidida? nethnama munta koti prakoti ganan lebena hindada.

    munta allas dunnoth genith, daruwanuth ammath deyi welanda, neethi adikarana emathiwaru me gena balapalla . umbala pitarata saban ganawa . duppathh api bar saban ganawa
    hena gahanna onee nduwe emthinta agamethi janapathinta neda

  9. ratawesiya says:

    samataTH sinidu kohomba kolayakwath nethi me saban karayo adwalata koti ganan wiyadam karanawa. gana ewunta HORI hedenawa api EMATHIWARU GANNE DOVE SAHA PITARATA SABAN THOPI ONE PUKE SABAN GAPIYAW. MAMA THILAND YANNAM THOPATA GANWATURALU NEDA? BANKOK MAGE COCK NIWADU GANNAWA

  10. ඔබා says:

    “ජනතාව බහුජාතික සමාගම් වලින් පීඩා විදිද්දී පාලකයින් මර නින්දේය” වැරදි ප්‍රකාශයකි.කොටහ ලබාගෙන නීතිය නවාඇත.

Main News