සබන් ලොරියක් අනතුරට…

May 23, 2022 at 2:06 am | lanka C news
සබන් ලොරියක් අනතුරට…

කොළඹ සිට හැටන් දක්වා සබන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් (21) දින රාත්‍රියේ අනතුරට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය රියදුරු පාලනයෙන් මිදි ලොරි රථය ඉදිරියට ඇදි ගොස් මාර්ගයෙන් ඉවතට පැන ලොරි රථය පස් කන්දක ගැටි නතර වි ඇත.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේදිය.

රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ඇදි ගොස් ඇති ලොරි රථය පස් කන්දේ ගැටි නතර නොවුවේ නම් ලොරි රථය ප්‍රපාතයට පෙරලිමේ අවධානමක් තිබු බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසිය.

අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,394 views

One Comment to “සබන් ලොරියක් අනතුරට…”

  1. චුටි කු කූ says:

    සබං නෙ ලිස්සංනැතුව තියේයැ .

Main News