සබරගමු, උතුරුමැද, නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරේ.. නමුත් මැතිවරණයක් නෑ..
September 22, 2017 at 10:40 am | lanka C news
මේ මාසයේදී නිල කාලය අවසන් වන උතුරු මැද, සබරගමුව, නැගනෙහිර පළාත් සබා විසුරුවා හරින බව පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
ඉන් පසු මැතිවණයක් පැවැත්වෙන තෙක් ඒවායේ බලතල පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවරෙන බවද ඇමතිවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
සබරගමු පළාත් සබාව සැප්තැම්බර් 27 වන දාත් උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා සැප්තැම්බ්ර් 30 දාත් නිල කාලය අවසන් වෙයි.
කෙසේ වෙතත් එම සභාවන්හි මැතිවරණය පැවැත්වීම සීමා නිර්ණය හා කාන්ති නියෝජනය නිශ්චිත කරන තුරු නොපැවැත්වෙනු ඇත.