සබරගමු-උතුරුමැද පළාත් මහින්ද දිනා නැගෙනහිර විපක්‍ෂයට එන බව ඒකාන්තයි.. ආණ්ඩුව රත් වී නීති කඩා තවත් වංගුවක් අදී..

September 17, 2017 at 10:26 pm | lanka C news
සබරගමු-උතුරුමැද පළාත් මහින්ද දිනා නැගෙනහිර විපක්‍ෂයට එන බව ඒකාන්තයි.. ආණ්ඩුව රත් වී නීති කඩා තවත් වංගුවක් අදී..

පැවත්වීමට නියමිතව තිබු සබරගමු, උතුරු මැද සහ නැගෙනහිර පලාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දැමීමට ගෙනා “දිවයිනේ සියලුම පලාත් සභාවම මැතිවරණය එක දිනයකදි පැවත්වීමේ” 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කල පොදු විපක්ෂය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටින සංවිධාන රාශියක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී විරෝධතා පෙත්සමක් ගොනුකර එහි තීන්දුව මේ වනවිට පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යවා ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එම පෙත්සම අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව, දිවයිනේ සියලුම පලාත් සභාවම මැතිවරණය එක දිනයකදි පැවත්වීමේ ආණ්ඩුවේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ජනමත විචාරනයක් හරහා ජනතාවගේ එකඟතාව ලබා ගැනිමට සිදුවන බවයි.

මේ නිසා කලබලයට පත් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් දෙක තවත් ව්‍යවස්ථා පටලැවිල්ලක් කොට කෙසේ හෝ මෙම පලාත් සභා මැතිවරණය කල් දැමීමට විශාල උත්සහයක යෙදෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙයට ප්‍රධාන හේතුව ඊයේ වනවිට ආණ්ඩුව වෙත ලැබි ඇති තොරතුරු අනුව පසුගිය වසර දෙකහාමරේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන බහුතර ජනතාව ආණ්ඩුව කරවන ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහිම විශාල කලකිරීමකින් සිටින බැවත් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු විපක්ෂය කෙරෙහි ජනතාවගේ අඩු වී තිබු විශ්වාසය නැවත ඔහුන් විසින් දීනාගෙන සිටීමත් ය.

මේ අනුව මෙම පලාත් සභා 3 න් විශේෂයෙන්ම උතුරු මැද පලාත් සභාව ආණ්ඩුවට තීරණාත්මක වනුයේ ආණ්ඩුව කරවන පක්ෂ දෙකම පරාජය කොට මහින්ද රාජපක්ෂ පෙරමුණ ජයග්‍රහණය කිරීම වර්තමාන ශ්‍රිලනිප සභාපති හා ලේකම් දෙදෙනාම සිටින දිස්ත්‍රික් තම නායකත්වයෙන් ගිලිහි යෑම මෙන්ම ඉදිරියේදී ආණ්ඩුව පවත්වාගෙන යෑමේ අර්බුදය ඒ හරහා හටගන්නා බැවිනි.

මේ තත්ත්වය මනාව ආණ්ඩුව කරවන දෙපාර්ශ්වයම තේරුම් කරගෙන සිටින බැවින් කෙසේ හෝ ආණ්ඩුව මෙම පලාත් සභා පැරදුනොත් ආණ්ඩුව පවත්වාගෙන යන ශ්‍රිලනිප මන්ත්‍රීවරු තව දුරටත් මැති ඇමතිකම් හරහා ආණ්ඩුව තුල රදවා ගැනීමට නොහැකි බව වටහාගෙන මොනයම් හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී උප්පරවැට්ටියක් යොදා ඔක්තෝබර් 2 වෙනිදා මැතිවරණ කොමසාරිස් විසින් නිකුත් කිරීමට නියමිත මැතිවරණය පැවත්වීමේ දින ප්‍රකාශ කිරිමේ ගැසට් පත්‍රය නිකුත්කිරීම වැලැක්වීමට උත්සහ ගන්නා බැව් එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

– අන්තර්ජාලයෙනි

128 views

20 Comments to “සබරගමු-උතුරුමැද පළාත් මහින්ද දිනා නැගෙනහිර විපක්‍ෂයට එන බව ඒකාන්තයි.. ආණ්ඩුව රත් වී නීති කඩා තවත් වංගුවක් අදී..”

  1. හොරොව්පතාන ජයසේන says:

    ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකටම උණ අරන්, සබරගමු සහ උතුරු මැද මහින්ද 1 රනිල් 2 ජවිපෙ 3 මෛත්‍රී 4.

  2. පොලොන්නරුව, සේවාගම ජයවන්ති says:

    ජයවේවා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට. හොද වැඩේ උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්නට. මේ පාලාතේ එක කාන්තාවකටවත් මේ යෝධයා ඉන්න දෙන්නේ නැහ.

  3. ප්‍රගතිශීලියා says:

    මහා ලොකු යහපාලන ආණ්ඩුවේ රනිල් මෛත්‍රී ඇයි මෙච්චර මැතිවරණවලට බය. ජනතාවගේ කැමත්ත ටිකක් මැතිවරණයක් තියලා බලන්නකෝ……….?

  4. පියුමි says:

    මහින්ද සියා දැන් විශ්‍රාම සුවයෙන් හිටියොත් හොදා . හැත්තෑව පාන්නට පස්සේ මේවගේ පිස්සු විකාර හැදෙනවා. හැමදාම බලය තියෙනවා කියල හිතෙනවා. එකනනේ ජනාධිපතිවෙලා පැරදිලා අයෙමත් මන්ත්‍රී උනේ.

    • janaka says:

      පල යන්න , එතකොට තොපේ ජේ ආර් කියන එකා ආණ්ඩු බලය අරගෙන විදායක ජනාදිපති උනේ වයස 20න් ද ?අනික මතක තියාගනින් මහින්ද නෙවෙයි වෙන කෙනෙක් හිටියත් තොපේ ආණ්ඩුව මොන චන්දෙ තිබ්බත් පරදිනවා .තොපිට චන්දෙ දීලා මිනිස්සු මෝඩ උනා අද ඒ මිනිස්සු බහුතරයක් එක දන්නවා .දන්නේ නැත්තේ තෝ වගේ ආණ්ඩුවේ බත් බැලයෙක් විතරයි එහෙමත් නැතිනම් වලවූ බැලයාගේ බැලයෙක් විතරයි

    • ex UNPer 2 says:

      අනේ නිකං යනව ගෑනු පිරිමියෝ ලොල්ල කතා කියන්නෙ නැතුව​. ඔයා කවුද එහෙම උපදෙස් දෙන්න ?

    • Power says:

      @ පියුම්,

      එතුමා නැවතත් මන්ත්‍රී උනේ දැඩි ජනතා ඉල්ලීම් මත මිසක් එතුමා ඇති අවශ්‍යතාවයකට නොවේ. එතුමන් 2015 ජනවාරී 08 වනදා ජනමතයට හිසනමා තම ගම්බිම් බලා ගියේ නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්ඩ නොවෙයි.එහෙත් මේ රටේ කෘතවේදී මහා ජන බලයක් එතුමා සමඟ අද වගේම එදත් නොවෙනස්ව සිටියා. අන්න ඒ ජන බලයේ ඉල්ලීම තමයි එතුමා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණේ. එහෙම නැතිව බලයට ඇති කෑදරකමකටවත්,තණ්හාවකටවත් නෙමෙයි. එහෙත් දැන් එතුමන් නැවතත් ඉදිරියට තැබූ පය ආපස්සට තබන්න නම් කිසිසේත්ම සූදානම් නැති බව කිව යුතුය.

      • Alapaluwa says:

        පියුමි මෙය ඔබටයි ප්‍රථමයෙන්ම කියන්න බලන්න ඔයාගේ ඔය දැන් ඉන්න බටලන්දේ වධකයාට ඇයි තවම අවුරුදු 40යිද? අනෙක මෙතන ලියලා තිබෙන අනිත් සහෝදරයන් වගේම මටත් කියන්න තිබෙන්නේ මහින්ද මැතිතුමා නැවතත් පැමිණෙන්නේ ඔවුගේ වුවමනාවට නොව අපගේ ඉල්ලීම සහා අවශ්‍ය තාවය මතත් අද හුදෙක් බහුතරයකගේ අපේක්‍ෂාවත් එයම නිසාත් බව දැනගන්න.අනෙක තවම ඔවුතුළින් දිළිදෙනපරුෂත්වය තවම ඔය ඉන්න එකම පඟර නැට්ටේක්ටවත්නැතිබවත් මතක තබාගන්න.UNP එකේ ඉන්නේ මොකුන්ද පොන්නයෝයි පොන්සිලයි විතරයි කටින් තමයි බතල හිටවන්නේ.දැන් කාට කාටත් 2015 8 වෙනිදායින් පස්සේ කරපු සංවර්ධනයත් රටේ පොශිතයත්.එක නිසා දාන්න ඉටිගෙඩියක් ගැන පමණක් මෙතන කොටන්න එන්න නොදන්නා දේයට වඩා.

    • Amda says:

      ඉතින් උඹලගෙ මහ උන්ට කියපන්කෝ බන් තියන්න කියල චන්දයක්. ඇයි මේ චන්දෙට බය? මුන්ට තාමත් මහින්දගෙ නම ඇහෙනකොට පිප්පි යනව.
      සීයා උනත් මොකද ඔය පඹයින්ට වඩා තාම හොඳයි

    • විජේ says:

      උඹ දැකල නැද්ද විශ්රාම ගිය අය අාපහු සේවයට කැඳවනවා.එ් එ්අයගෙ පලපුරැද්ද රටට අවශ්ය නිසා.ොරටේ මිනිස්සුත් එහෙමයි හිතන්නෙ.

    • daham says:

      ithin mokada ochchara baya. umba nam kotith ekka nidi wadda ekiyak wenna one.

    • NAK says:

      Piyumi, Look at the old hag batalande Ranil and then look at our president Mahinda and then see who is older.

    • AG says:

      Are you that prostitute Piyumi..If so a comment like this can be expected.

    • Notthischange says:

      Piumita baninna epa. eya kollek wela ipadunata dan kollek neme. ekai eya unP…

  5. සමන්ති says:

    අප්පච්චියේ මහරජානෝ එනවලු හැන්ගියල්ල

  6. රත්නපුර සමරසේකර says:

    යහපාලන ආණ්ඩුවේ කියුම් කෙරුම් ගැන මැන ගන්න උන්ටම හොද අවස්ථාවක් දෙවියන් හදලා දුන්නා. ආපු දෙන ඡන්දය,

  7. daham says:

    oya pinthoore thiyenne chanda prathipalaya. mahinda 1, ranil 2, mayithree3.

  8. සිතුමිණි says:

    අවුරුදු දෙකක් අගේට බලයේ ඉන්න තිබියදී දෙක මදිවී හයක් අරගෙන අටක් කරගන්න ගිහින් ජනවාරි 08 විප්ලවය සිදු උනා මතකද. ටක්කෙටම මේ අනවකියත් දාස මන්තර ආචාරියාගේ වෙන්න ඇති. බලාගෙන ඉන්න 2025 වෙනකම් මේ ආණ්ඩුව හොල්ලනවා බොරු. තතල බාප්පල මහප්පලා පවුල් පාලනය කරපු යුගය ඉවර වෙලා ගොඩක් කල්. ආයෙත් මෙම රැල බලයට එන්නේ නැහැ.

    • ලමයා says:

      තතලා බාප්පලා එපා මාමල බෑනල බැංකු හොරාලා හොඳා නේද බොල ගොන් සිතුමිණි.

Main News