සබරගමු පළාත් සභා සභාපති ටයිකොන්ඩෝ කළු පටි 6 වන ශ්‍රේණිය දිනයි..
January 1, 2019 at 8:02 am | lanka C news
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ගරු සභාපති, රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ සභාපති, සබරගමුව පළාත් සභාවේ ගරු සභාපති කංචන ජයරත්න මහතා ගෞරවාන්විත ටයිකොන්ඩෝ කළු පටි 6 වන ශ්‍රේණියෙන් පිදුම් ලැබීය.
පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ මාස් ඇරීණා ශාලාවේ දී පැවැති කුකිවොන් කුසලාන 2018 තරඟාවලියේ දී කොරියානු තානාපති හියොන් ලී (Heon Lee) මහතා විසින් කොරියානු රජයෙන් ලබා දෙන ලද එම සම්මානය නිල වශයෙන් එතුමා හට පිරිනැමීම සිදු කරන ලදී.
ශ්‍රී ලංකාව තුළ ටයිකොන්ඩෝ ක්‍රීඩාව නඟා සිටුවීම සහ ප්‍රචලිත කිරීම වෙනුවෙන් එතුමා විසින් කරනු ලබන උසස් සේවාව ඇගයීම සඳහා කොරියානු රජය විසින් මෙම සම්මානය පිරිනමනු ලැබීය.
මෙම 6 වන ශ්‍රේණියේ ඉහල කළු පටි ගෞරව සම්මානයෙන් දැනට පිදුම් ලබා ඇති ශ්‍රී ලාංකිකයන් වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පමණය. එම අවස්ථාවන් දෙකම කොරියාවේ දී සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ මෙවන් ඉහලම ටයිකොන්ඩෝ 6 වන ශ්‍රේණියේ කළු පටි ප්‍රධානයක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය විය.
සිරා එක පාරටම ෆෝම් වෙලා ගැහුව ගැහිල්ලටද කළු පටි එකක් නෙවේ දෙකක් දුන්නත් මදිද මන්දා.
If you give those belts for people do ‘gahili’ Ranila and Ravia are at front.
Koreans won’t have enough in their possession to give.
ශ්‍රේනිය 6 උනාට සිරා ගහන්නෙ බාලාංශයේ පහර .
නමින් වැඩ බැරි ටාසන්