සබරගමු මහ ඇමති තරගයට එන්නට මං මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා..- හේෂා විතානගේ..
September 19, 2017 at 10:00 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී සබරගමුවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරග වැදීම සදහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි පවසන මන්ත්රීවයරා තමන් මේ සතිය තුලදී මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවද සදහන් කරයි.
ඔක්තොම්බර් මුල් සතියේ පළාත් සභා සදහා නාම යෝජනා කැදවනු ඇති බවත් වේලාසන ඊට සූදානම් විය යුතු නිසා තමන් මෙම තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටී.