සබරගමු සභාව අදින් අවසන්.. සියළු බලතල ඇමති ඩිලාන්ගේ තාත්තාට..

September 26, 2017 at 8:02 am | lanka C news
සබරගමු සභාව අදින් අවසන්.. සියළු බලතල ඇමති ඩිලාන්ගේ තාත්තාට..

සිවු වසරක නිල කාලය සම්පූර්ණ වන සබරගමුව පළාත් සභාව අද දිනයේ සිට අවසන් වෙයි. ඒ අනුව සභාවේ මහ ඇමති ඇතුළු සියළු පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතීන්ගේ තනතුරුද අද දිනයේ සිට අහෝසි වෙයි.

අද දිනයේ සිට පළාත් සභාවේ බලතල පළාත් ආණ්‌ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා යටතට පත්වෙයි. මාෂල් පෙරේරා යනු රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරාගේ පියාය.

පළාත් සභා නිල කාලය අදින් අවසන් වුවත් මැතිවණය කවදා පවත්වන්නේදැයි කිව නොහැක්කේ පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ සංශෝධන පනත අනුව නව මැතිවරණ ක්‍රමයද පාර්ලිමේන්තුවේ සම්මත කල යුතු නිසාය.

උතුරු මැද පළාත් සභාවේ නිල කාලය ලබන 30 වැනිදාත් නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය ඔක්‌තෝබර් මස 01 වැනිදාත් අවසන් වන අතර ඒවායේද සියළු මැති ඇමති තනතුරු අහෝසි වී බලතල ආණ්ඩුකාරයට පැවරෙයි.

323 views

One Comment to “සබරගමු සභාව අදින් අවසන්.. සියළු බලතල ඇමති ඩිලාන්ගේ තාත්තාට..”

  1. Nalin says:

    ගෝලීය දෙමළ සංසදයේ ලොක්කා එමානුවෙල් යාපනයට එන විට ගොලීය සිංහල සංසදයේ ලොක්කා ජිනීවා වල..!
    නියම ගේම…..

Main News