සබීතාගේ බිල්ඩිමට නිරපරාදේ බිලියන 1.14ක් කුලී ගෙවලා.. ගාන තවත් වැඩි කරලා..

August 26, 2017 at 12:26 am | lanka C news
සබීතාගේ බිල්ඩිමට නිරපරාදේ බිලියන 1.14ක් කුලී ගෙවලා.. ගාන තවත් වැඩි කරලා..

සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සදහා කුලියට ගෙන ඒ සදහා මිලියන 1140ක මුදලක් ගෙවා ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

මෙම ගොඩනැඟිල්ලට වසර හතරක් සඳහා භාණ්ඩාගාරය විසින් මෙම මුදල ගෙවා ඇති බව විගණකාධිපති වාර්තාවේ දැක්වෙන බවද සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා සදහන් කරයි.

මුලින් වසර තුනක් සදහා වූ ගොඩනැඟිල්ලලේ බදු කාලය වසර පහක් තෙක් දීර්ඝ කිරීම හා වසර 3කට පසුව 15%කින් ක-ලිය වැඩි කිරීමට එකග වීම, අත්තිකාරම් ලෙස මිලියන 540ක් සේවා ගාස්තු ලෙස ලක්ෂ 370ක්, 2019-2020 වසර සදහා අත්තිකාරම් ලෙස මිලියන 570ක් ගෙවීම ආදියද විඝනකාධිපති වාර්තාවෙන් හෙලිව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

60 views
Main News