සබීතාගේ බිල්ඩිමට බිලියන දෙකක් නිකරුනේ කුලී ගෙවලා.. කිසිම වැඩක් අරන් නෑ..
June 26, 2017 at 6:48 pm | lanka C news
ප්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් කුලියට ගෙන වසර දෙකක පමණ කාලයක් කිසිදු කාර්යක් සදහා යොදා නොගැනීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ අලාභයක් සිදු කර ඇති බව ඒකාබද්ද විපක්ෂය චෝදනා කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමට බව කියමින් මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මෙතරම් මහජන ධනයක් අපතේ යැවීමට එරෙහිව ඊට වගකිව යුතු සෑම පුද්ගලයකුටම විරුද්ධව නඩු පවරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඊට වගකිව යුතු පුද්ගලයන්ගෙන් එම මුදල අයකරගන්නා ගෙස නියෝගයක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලන බවද මන්ත්‍රීවරයා කියයි.