සබීතාගේ බිල්ඩිම ආපසු බාර දෙයි.. වසර 05කට කෝටි 132ක් කුලී ගෙවලා..

April 25, 2021 at 3:00 pm | lanka C news
සබීතාගේ බිල්ඩිම ආපසු බාර දෙයි.. වසර 05කට කෝටි 132ක් කුලී ගෙවලා..

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ පෞද්ගලික කුලී ගොඩනැගිල්ල සඳහා පසුගිය වසර පහේ දී රුපියල් කෝටි එකසිය තිස් දෙකකට වැඩි මුදලක් ගෙවා ඇතැයි අලුත්ම ගණනය කිරීම් වලදී තොරතුරු හෙළි වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බ් රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසී ය .

එම කුලී ගොඩනැගිල්ල සඳහා එක් මසක් වෙනුවෙන් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතැයිද ලේකම් වරයා කීය .

ගොඩනැගිල්ලේ ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුව එම ගොඩනැගිල්ල පසුගිය 6 වැනිදා එහි හිමිකරුට භාර දුන් බව කි පුෂ්පකුමාර මහතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ හිමිකරුට භාරදුන් ආරක්ෂණ තැන්පතු මුදල වු රුපියල් කෝටි 7කට ආසන්න මුදල ඔහුගෙන් නැවත ලබා ගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළේය .

ගොඩනැගිල්ලට යම් අලාභයක් සිදුවී ඇත්නම් එම මුදල අඩු කරගෙන තැන්පතු මුදලේ ඉතිරි කොටස ලබා ගන්නා බවත් එවැනි අලාභයක් සිදුවී ඇද්දැයි රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මාර්ගයෙන් වාර්තාවක් ලබාගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවැසුවේය .

යම් විදිහකින් හෝ එම තැන්පතු මුදල ලබා දීම ගොඩනැගිල්ලේ හිමිකරු ප්‍රතික්ෂේප කළහොත් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග ගන්නා බව ද රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය .

– lankadeepa

46,914 views

37 Comments to “සබීතාගේ බිල්ඩිම ආපසු බාර දෙයි.. වසර 05කට කෝටි 132ක් කුලී ගෙවලා..”

  1. dil says:

    Waste of our many in Yahapalana period. Its true the minister involve in this is in the government now. But the first responsibility is with UNP JVP Yahapala government when this happened.

  2. John the baptice says:

    නිසි මිල ගණන් කැඳවීමකින් තොරව, ප්‍රසම්පාදන පටිපාටිය උල්ලංඝනය කරමින් රුපියල් ලක්ෂ 150ක මාසික කුලියකට මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමට කටයුතු කළේ එවකට අගමැති රනිල් සහ කෘෂිකර්ම ඇමති දුමින්ද ය.

    • සිරිකොත කුක්ක says:

      බලාගෙන බන් අනුර කුමාර දැනගනියි .ඌ තවම ඕක දන්නෙත් නැහැ,වරාය විකුණුව කියල දන්නෙත් නැහැ .මහබැංකු කොල්ලය වුනාද කියල ඌ තවම හොයාගෙන නැහැ.

      ඩේසි මල්ල ගැන විතරයි දන්නේ.

  3. Ayotallah says:

    All those people whatever their positions should be charged for wasting public funds and corruption However those responsible for Central bank robbery is Scot free. In this case the former Secretary is totally responsible, Fine him and file a case to retrieve the public money

  4. කෝටි 132 කට වඩා සබීතා කොච්චර වටිනවද නේද දුමින්ද

  5. සාධාරණ මිනිසා says:

    අපේ ස ඕකට මොනවහරි කරයි.

    • සිරිකොත කුක්ක says:

      මොනවා කරන්නද බන් උඹලගේ රතු අලි පැටිය ට ටොයිලට එකක් ඇතුලේ ඉඳල දීල තියෙන්නේ ඕකෙන් කොටසක්. එකනේ මීක් නැතිව ඉන්නේ .

    • මනූෂ නානා says:

      සබීතාටද.??

  6. saman says:

    ooka witharak nowa laksha 5 paarata laksha 15 dena widiya hewwanam ada triliyan gaanak ithuruyi. mooda chuu kiyannee meewata

  7. Felix says:

    Den Ganan Balala Ewarai… Sabbithata Thiyenne Eee Ganana Dena Ekai. Apita Ayithi Nethi Dewal Katha Nokara Immue…. Samaharak Wita Ayeth Dei

  8. අබරං ආතා says:

    මෙි පිලිබද මාධ්‍ය සාකච්චාව එම බිල්ඩිමෙි කක්කුස්සියකදී පැවැත්වීමට නියමිතයි . ඇජෙන්ඩා එක පහත දැක්වෙි. 1. මෙි ගනුදෙනුව කල කේවටිටයා සොයා කක්කුස්සි බට චෙක් කිරීමට අවශ්‍ය පයියිප්ප බාස් කෙනකු පත් කිරීම. 2. අයථා ගනුදෙනුවක් සිදුවී ඇත්දැයි පීරා පීරා
    සෙවීමට බාබර් කෙනකු පත්කිරීම.

  9. Saliya says:

    මේවනෙ බං බිස්නස් කියන්නෙ. කෝටි 132ක් ජීවිත කාලෙම කරත් හම්බ කරන්න බෑ.

  10. Ayotallah says:

    The previous Government Minister and the Secretary MA are the Chief Responsible people. The Secretary Should be Sacked immediately depriving his pension to ensure justice to people of this country Despite numerous writings he continued to pay the monthly rent when Sabitha vista the MA in shorts The people in the MA will give evidence

Main News