සභානායක කිරිඇල්ල දෙවැනි වතාවටත් ආණ්ඩුව බේරා ගනී…

August 8, 2018 at 2:10 pm | lanka C news
සභානායක කිරිඇල්ල දෙවැනි වතාවටත් ආණ්ඩුව බේරා ගනී…

යහපාලන ජාතික රජයේ පනතක් පාර්ලිමේන්තුවේදී පරාජය වීම දෙවැනි වතාවටත් වළක්වා ගනිමින් ආණ්ඩුව බේරාගැනීමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) සමත් වී ඇත.

සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත් කෙටුම්පත සම්මත කරගැනීම ස`දහා පාර්ලිමේන්තුවේදී ඡන්දය වීමසීමට නියමිතව තිබුණෙ ඊයේ (07) පස්වරුවේදීය.

අදාළ පනත සම්මත කරගැනීම සදහා ඡන්දය විමසීමට සුදානම් වු මොහොතේ ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවත් ඒකාබද්ධ විපක්ෂය ඇතුඑ පාර්ලිමේන්තුවේ සමස්ථ විපක්ෂයට සාතිශය බහුතරය තිබෙන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අවධානයට ලක් වී ඇත.

ඒ අනුව වහාම කි‍්‍රයාත්මක වී ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවේ කාලය පස්වරු 6.30 ට පෙර දීර්ඝ කර ගැනිමට නොහැකි වන අයුරින් උපක‍්‍රමිකව කි‍්‍රයාකරමින් විවාදය නතර කරවාගෙන පනතට අදාළව ඡුන්දය විමසා සම්මත කරගැනීම පසුවට කල්තබාගෙන ඇත.

සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත් කෙටුම්පතට අදාළව ඡුන්දය විමසීමට නියමිත බව දැන දැනත් එක්සත් ජාතික පක්ෂයේ සැලකිය යුතු මන්ති‍්‍රවරු පිරිසක් ඒ මොහොතේ පාර්ලිමේන්තු සභාගර්භයේ රැ`දී නොසිට එම අවස්ථාව මෙසේ ම`ගහැරීම විශේෂ සිද්ධියක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සැලකිය යුතු මන්ති‍්‍රවරුන් පිරිසක් මේ අවස්ථාව මෙසේ ම`ගහැර සිට ඇත්තේ මේ සතියේ පාර්ලිමේන්තුවේ අතිශය වැදගත් විවාද පැවැත්වෙන අතර පනත්වලට අදාළව ඡුන්ද විමසීමට ද නියමිතව තිබෙන බැවින් සිය`එම මන්ති‍්‍රවරුන් දවස පුරාම පාර්ලිමේන්තුවේ රැදී සිටිය යුතු බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි සදුදා(06) සිය`එම මන්තී‍්‍රවරුන්ට නියෝග කර තිබියදීය.

දින 100 යටතේ යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ මුදල් පනතක් බහුතරය නොමැතිව පාර්ලිමේන්තුවේදි මේ අයුරින්ම පරාජය වීමට ගිය අවස්ථාවේදි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වහාම කි‍්‍රයාත්මක වී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ති‍්‍රවරුන් කිහිපදෙනෙකුගේ සහයෝගය ගෙන අදාළ පනත පරාජය වීම වළක්වා ගෙන තිබිණ.

– රජිත සමරසූරිය

31 views
Main News