සභාපතිගේ පහර දීමෙන් අයෙක් රෝහලේ..

December 7, 2020 at 3:00 pm | lanka C news
සභාපතිගේ පහර දීමෙන් අයෙක් රෝහලේ..

හපුතලේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් පහරදීමට ලක්වූ බව කියන පුද්ගලයෙකු අද රෝහල්ගත කර තිබේ.

ඔහු විසින් පොලිසියට සඳහන් කර ඇත්තේ තමන් පල්ලියේ වැටක් ඉදි කරමින් සිටියදී එය අනවසර ඉදිකිරිමක් බව පවසමින් තමාට සභාපති වරයා පහර දුන් බවයි.

නමුත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ තමන් එවන් පහරදීමක් සිදු නොකළ බවයි.

6,876 views
Main News