සභාපතිලා පත් කරන්න රනිල් මංගල ගැටුම්.. ආණ්ඩුවේ අර්බුද නිසා රජයේ ආයතන අවුලේ..- ජනාධිපති හෙලි කරයි..

January 29, 2019 at 9:20 am | lanka C news
සභාපතිලා පත් කරන්න රනිල් මංගල ගැටුම්.. ආණ්ඩුවේ අර්බුද නිසා රජයේ ආයතන අවුලේ..- ජනාධිපති හෙලි කරයි..

කැබිනට් මණ්ඩලය පත් කර සති කිහිපයක් ගතව ඇතත් මේ වන තෙක් රජයේ සංස්ථා සහ මණ්ඩලවල සභාපතිවරුන් අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම ප්‍රමාද වී ඇත්තේ ජනාධිපති කාර්යාලයේ වරදක් නිසා නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එම තනතුරු සඳහා ඇමතිවරුන් විසින් නම් කරන ලද පුද්ගලයන් ජනාධිපති කාර්යාලයට යොමු කර පසුදිනම සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසුව අනුමත කර අගමැති කාර්යාලය යවන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එනිසා මේ සම්බන්ධයෙන් ප්‍රමාදයක් ජනාධිපති කාර්යාලය පාර්ශ්වයෙන් සිදු වී ඇති බවත් ප්‍රමාද වී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

රජයේ බැංකුවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයන් පත් නොකිරීම නිසා ආයතනයන්හි කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද කමනට වාර්තා වී ඇති බවත් පවසන ජනාධිපති සිරිසේන ඊට වගකිව යුතු ඇත්තේය අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා බවද කියා සිටී.

මෙම තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේ දී අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයා අතර ගැටුම් ඇති ව තිබීම මීට හේතුව බවත් සති ගණනාවක් ගතව ඇතත් සංස්ථා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමට නොහැකිව ඇත්තේ ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් නිසා බවද වැඩිදුරටත් පැවසීය.

28,239 Viewers

3 Comments to “සභාපතිලා පත් කරන්න රනිල් මංගල ගැටුම්.. ආණ්ඩුවේ අර්බුද නිසා රජයේ ආයතන අවුලේ..- ජනාධිපති හෙලි කරයි..”

  1. Samare says:

    මේ සියලුම අවුල් ජාලයට වගකිව යුත්තා ජනාදිපති සිහිනය සැබෑ කරගන්නට බොරු යහපාලනයකට උදව් දී ඒ තාක් හොදින් තිබූ රට කාබාසිනියා කල වත්මන් නායකයාමය.

  2. gadol says:

    මඩු වලිගේ අමතක වෙලා වගේ

  3. Harindu says:

    Collective agreement of sri lanka savings bank also in trouble. The management is going to increse the salary by Rs.5000fr three years 2018 -2020 its is not enough of servive in sri lanka nowadays. Emplyees requesting Rs. 15,000 for above period. Emplyee adjested the amount. Becouse they know the bank having grat truobe.

    Management not taking any decitions. The CEBU joint and work and fight for justice of the employee. .

    Please be kind enough to pay attention

Main News