සභාපතිවරයාට එරෙහිව පොල් ගහයි..

October 25, 2019 at 8:02 am | lanka C news
සභාපතිවරයාට එරෙහිව පොල් ගහයි..

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සිවිල් පරිපාලක නිලධාරියෙකු විසින් (24) උදැසන එම සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා  එරෙහිව පොල් ගෙඩියක කපුරු පත්තු කරෙ කොවිල ඉදිරිපිට පොල් ගසා දේව කන්නලව්වක් සිදු කරයි.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සිවිල් පරිපාලක එස් රවිචන්ද්‍රන් මහතා කියා සිටින්නේ තමන් ප්‍රාදේශිය සභාවේ සිවිල් පරිපාලක වශයෙන් කටයුතු කරන බවත්, සභාපතිවරයා තමන්ගේ රාජකාරියට බලපැම් සිදු කරමින් තමාගේ වැරදි සොයමින් තමන්ව සේවයෙන් නෙරපිමට කටයුතු කරමින් සිටින බවයි.

ප්‍රාදේශිය සභාවෙන් තමන් වෙත ගෙවිය යුතු කිසිදු දිමනාවක් නොගෙවන බවත්, එළඹෙන දිපාවලි උත්සව සමය සැමරිමට පවා තමන් සතුව කිසිදු මුදලක් නොමැති බවයි එස් රවිචන්ද්‍රන් මහතා කියා සිටින්නේ.

තමන් ද ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවෙකු බවත්, ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගෙන් තමන්ට සිදු වන කෙනෙහිලිකම් පිලිබදව තමපක්ෂයේ නායකයා මෙන්ම මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා , මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිවරයා සහ අතිගරු ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දි ඇතත් ඔහුන්ගෙන්ද මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ නිසා තමන් එ දුක් ගැනවිල්ල දෙවියන් වෙත භාර දෙන බවයි රවිචන්ද්‍රන් මහතා කියා සිටියේ.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව ඉදිරියට පැමිණි රවි චන්ද්‍රන් මහතා පොල් ගෙඩියක් මත කපුරු දක්වා පසුව ප්‍රාදේශිය සභාව අසල තිබෙන කෝවිල වෙත ගොස් පොල් පොලවේ ගසා දේවියන්ට තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කලා.

මේ සම්බන්ධයෙන් අප නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනිමට අවස්තා කිහිපයකදි උත්සහ කලත් එය ව්‍යාප්ත වු නිසා පසුව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම් කේ මුරලිදරන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එස් රවිචන්ද්‍රන් මහතාට දිනපතා ප්‍රාදේශිය සභාවේ පැමිණිමේ ලේකනය අත්සන් කර ක්ෂෙත්‍ර රාජකාරි සදහා යන ලෙස ලිඛිතව දැනුම් දි තිබුණත් ඔහු එසේ සිදු නොකල නිසා ඔහුගේ දිමනා සහ වැටුප් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

43 views

One Comment to “සභාපතිවරයාට එරෙහිව පොල් ගහයි..”

  1. ක්‍රිමිනල් says:

    ඔව්වා මොනාද අයියෝ ! මාධ්‍ය සාකච්ඡා වලට පොල් ගෙනහල්ලා ,ගහන්න තරයි බයියෝ ලංකාව්වෙ ඉදිද්දී .✌️

Main News