සභාපති පොදු සුසාන භුමියක් ඩොසර් කර සමතලා කරයි…

June 11, 2021 at 6:26 am | lanka C news
සභාපති පොදු සුසාන භුමියක් ඩොසර් කර සමතලා කරයි…

අඹගමුව ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පිහිටි වසර 100 කට වඩා පැරණි ප්‍රදේශවාසින් විසින් භාවිතයට ගැණුනු පොදු  සුසාන භුමියේ කොටසක් අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් පනවා ඇති සංචරණ සිමා කාලය තුල ඩොසර් කර සමතලා කර එම භුමියේ වෙලදසැල් කිහිපයක් ඉදි කිරිමේ සැලසුමක් දියත් කර ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි මංජුල සුරවිර ආරච්චි මහතා චෝදනා කරයි.

හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයට යාබදව ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භුමිය අක්කර දෙකක පමණ වපසරියකින් යුක්ත බවත්, මෙය 1946 පොදු සුසාන භුමි පනතට යටත්ව අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් මෙම සුසාන භුමිය පාලනය වන පොදු සුසාන භුමියක් බවයි මංජුල සුරවිර ආරච්චි මහතා කියා සිටින්නේ.

ගිනිගත්හේන කළුගල, පිටවල, මිල්ලගහමුල, රම්පාදෙණිය, බුලත්ගම යන ග්‍රාමසේවා වසම් වල ප්‍රදේශවාසින් විසින් කාලයක් තිස්සේ පොදු සුසාන භුමියක් ලෙස මෙම ස්ථානය භාවිතයට ගැණුනු බවත්,එම සුසාන භුමියේ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි කොටස දැනට ඩොසර් කර සොහොන් සමතලා කර ඇති බවත්, සුසාන භුමිය මාර්ගයට යාබදව පිහිට කොටස  ස්භාවික තැනිතලා භුමියක පිහිටා තිබු එකක් බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය මත එම පොදු සුසාන භුමියේ ඉතිරිව ඇති ඉඩම් කොටසේ  සිරුරු මිහිදන් කටයුතු සිදු කිරිමට අපහසුතාවයක් ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් එම පොදු සුසාන භුමිය මිහිදන් උද්‍යානයක් ලෙස ප්‍රියමනාප ආකාරයට ප්‍රතිසංස්කරණය කරන ලෙසට පමණක්  සභාවේ මන්ත්‍රිවරුන් අනුමැතිය ලබාදුන් බව මංජුල සුරවිර ආරච්චි මන්ත්‍රිවරයා කියා සිටියි.

එම පොදු සුසාන භුමියේ දැනට ඩොසර් කර සමතලා කර ඇති කොටසේ මින් ඉදිරියට කිසිදු දේහයක් මිහිදන් කිරිමට අවසර නොලැබෙන බවත්, පොදු සුසාන භුමියට අයත් ඉතිරි ඉඩම් කොටසේ මිය යන අයගේ දේහයන්වල අවසන් කටයුතු සිදු කරන ලෙසට සභාපතිවරයා විසින් උපදෙස් ලබා දි ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

නගන චෝදනා සම්බන්ධයෙන් අප අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන එම පොදු සුසාන භුමියේ ප්‍රධාන මාර්ගය මායිම්ව පිහිටි කොටසේ ඇතැම් පිරිස් විසින් වෙනත් කටයුතු සදහා අවසරයකින් තොරව භාවිතා කල බවත්, ඉන් අනතුරුව පොදු සුසාන භුමිය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ආරක්ෂිත වැටක් ගසා  මායිම් වෙන් කල බවයි.

එම පොදු සුසාන භුමියේ ඩොසර් කර ප්‍රතිසංස්කරණය කල කොටස ප්‍රාදේශිය සභාවට අදායම් මාර්ගයක් ලැබෙන සේ ප්‍රදේශයේ ස්වයං රැකියා කරන අය සදහා වෙලදසැල් කිහිපයක් ඉදි කිරිමට සැලසුම් කර ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,149 views

9 Comments to “සභාපති පොදු සුසාන භුමියක් ඩොසර් කර සමතලා කරයි…”

  1. polgahawela says:

    විරුවා අපේ රටේ ඉඩම් චීනයට විකුනනවා මුන් අපේ මිනිය වළලන තැනත් උන්ගේ බලපුලුවන්කාර කමට උන්ගේ වැඩ කරනවා දැන්වත් වහලුනේ හිතන්න මුන්ගේ බත් බැලයෝ වෙන්න එපා.

  2. kill political bastards says:

    burn alive and kill all politicians.

  3. MD says:

    මලමිනි උඩින් හරි ගොඩඵන්න බලන් ඉන්න 3% සජිත් විපක්ෂයක්නේ අද අපට තියෙන්නේ.ඉතින් මෙම ප්‍රකාශ හොඳට සැරට තුනපහ දලා හදන්නේ.නමුත් මහ පාරක් අයිනක සොහොනක් සුදුසු නැති නිසා සංවර්ධන කටයුත්තක් සඳහා ඵවැනි ඉඩමක් යොදා ගැනීම වරදක් වේද?

    • සුනිල් says:

      පක්ෂය පැත්තකින් තබා කරන දේ හරි වැරැද්ද දකින්න උත්සාහ කරන්න.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      මේ MD වහල් බයියා මේ වැඩේ පහුගිය ආන්ඩුවෙන් කලානම් මෙතන හෙන ඉල්ලන හැටි බලන්න තිබ්බා 😀

      • MD says:

        වහල්කමත් හෙන ඉල්ලීමත් යන දෙකම අමතක කරලා හිතන්න දෙයියනේ යුඇන්පී කාරයා ජේවීපී කාරයා මේ රටේ සංවර්ධනයට ඇයි මෙච්චර භයවෙන්නේ.මොකද ඵයාලට ඡන්දය ලැබෙන්නෙ මිනිස්සු දුප්පත්ව ඉන්නකන් විතරයි.තේරුනේ නැතෙයි🤣

  4. COOL says:

    ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ කොටසක්ද

    • Love nature says:

      නැහැ පොහොටුවේ ” කැරකොප්පු වෙළද සේවය ”නාටකයේ රගපෑමක්
      දැන් තියෙන්නේ මිනී ඇමැතිලාගේ ගෙදර ඉඩමේ වැළලීම