සභාපතිවරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

January 25, 2021 at 12:40 pm | lanka C news
සභාපතිවරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ධුරයෙන් සහ මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය (25) දින තලවකැලේ ලිදුල නගර සභාවේ ලේකම් ඩි.වි.පි.බණ්ඩාර මහතා වෙත භාරදුන් බව අශෝක සේපාල මහතා පැවසිය.

2011.07.29 දින සිට 2015.07.30 දක්වාත් , 2018.03.28 දින දක්වාත් අවස්තා දෙකකදි එම නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල අශෝක සේපාල මහතාට එරෙහිව ලද පැමිණිලි කිහිපයක්  සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කිරිම සදහා මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා විසින් කොමිසමක් පත් කර තිබු අතර,එම විමර්ෂණ කටයුතු අවසන් වන තෙක් අශෝක සේපාල මහතාගේ සභාපති ධුරය තාවකාලිකව අහොසි කිරිමට මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කටයුතු කර තිබුණි.

ස්වාධින මන්ත්‍රිවරයෙකු වශයෙන් අවසන් වරට තලවකැලේ ලිදුල නගර සභාවේ මන්ත්‍රි ධුරය සහ සභාපති ධුරය දැරු අශෝක සේපාල මහතා තනතුරු වලින් ඉල්ලා අස්විමේ ලිපියේ පිටපතක් නුවරඑලිය සහකාර මැතිවරණ කොමසාරිවරයා වෙත ලබා දි ඇත.

තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මන්ත්‍රි ධුරයෙන් ඉවත් වන අශෝක සේපාල මහතාගෙන් පුරප්පාඩු වු තලවකැලේ හොලිරුඩ් කොට්ඨාශය සදහා ස්වාධින කණ්ඩායමෙන් තරග කල සිවනයියා සිවරාජ් මහතා ලැයිස්තුවෙන් ඉදිරියෙන් සිටින බවයි අශෝක සේපාල මහතා කියා සිටියේ.

ඉල්ලා අස්විමේ ලිපිය භාර දිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා මෙසේ පැවසිය.

තමන් තලවකැලේ ලිදුල නගර සභාවේ තනතුරු වලින් ඉල්ලා අස්වුවද ඉදිරියේදි ජාතික සමගි ජන බලවේගය සමග එක්ව තම දේශපාලන කටයුතු සිදු කරන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

20,400 views
Main News