සභාපති හඩ්සන් සජීවීව ගුවන් විදුලි රෙද්ද කඩයි.. ‘පඩි බැසිල්ගෙන් ඉල්ල ගනිල්ලා’ කියයි..

July 21, 2021 at 10:22 pm | lanka C news
සභාපති හඩ්සන් සජීවීව ගුවන් විදුලි රෙද්ද කඩයි.. ‘පඩි බැසිල්ගෙන් ඉල්ල ගනිල්ලා’ කියයි..

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය කරන ලද වැඩසටහනකට එක්වෙමින් එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා සංස්ථාව තුල සිදුව ඇති බරපතළ අක්‍රමිකතාවයන් ගණනාවක් හෙළිදරව් කර ඇත.

සංස්ථාවේ නුසුදුස්සන් ගණනාවකටම උසස්වීම් දේශපාලන හා පුද්ගලික හිතවත්කම් මත උසස්වීම් ලබා ඇති බවද දී ඇති බවද ගොළුවන්ට පවා නිවේදක තනතුරු ලබාදී ඇති බව ද කියා සිටියි.

නමුත් විරුද්ධ දේශපාලන මත දරන දක්ෂ සේවකයින් කිසිවකුට උසස්වීම් ලබා දී නැති බවද ඔවුන්ගේ සේවය ස්ථිර කිරීම පවා කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.

මෙම තත්ත්වය මත ගුවන්විදුලි සංස්ථාව පාඩු පිට පාඩු ලබමින් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ද පත්වීම් ලබා ගත් අය අදාළ වැටුප් වර්ධක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ගන්නා ලෙසද ඔහු එහිදී කියා සිටී.

148,328 views

10 Comments to “සභාපති හඩ්සන් සජීවීව ගුවන් විදුලි රෙද්ද කඩයි.. ‘පඩි බැසිල්ගෙන් ඉල්ල ගනිල්ලා’ කියයි..”

  1. Jagath says:

    එහෙම තමයි චන්දෙට කඩේ ගිය උන්ට සලකන්න ඕනේ නේ

  2. පගා ව ගන්න TO says:

    රටට කෙලවෙලා තියෙන්නෙ රජයේ පිනට පඩි ගන්න උන්ට පඩි දෙන්නයි,පෙන්ෂන් ගිය පං පඩි කාරයින්ට ඒව දෙන්නයි රටේ බදුමදලින් 2/3ක් ම වියදං කරන හිංද

    එකෙක් කරන වැඩේ කරන්න 5ක් විතර ඉන්නව .ඒත් වැඩේ ඇදෙනව.

  3. Punchi Preme says:

    Not only at the SLBC but most of the Boards and Cooperations. Shame and Pathetic!

  4. වැඩිහියා says:

    හඩ්සන් සමරසිංහ ගැන යම් ගැටලු ඇතත්. මේ කතාවේ වැරැද්දක් නැත. රාජ්‍ය ආයතනවල පරිහානියට මුල අත්නෝමතික පත්වීම් සහ දක්ෂකම් නොතකා හිතවතුන්ට උසස්වීම් ලබා දීමත්ය.

  5. ගාමිනී හන්තාන says:

    ඔය වගේම එකක් තමයි ජනවසම. තේ වතු ඔක්කොම විනාස කරල හිතවතුන්ට දීර්ග කාලීන බදු දෙනවා. හන්තාන කලමනාකරු ම්සුදේශ් ම්පෙරේරා හරිම අත්තනොමතික අකීකරු කාන්තා ලොල් පාලකයෙක්. කම්කරුවන් ම මුව එලවන දවස ලගයි.

  6. janatha says:

    ඉතින් ඔය රජයමනේ කියන්නේ ඕනි තරම් සල්ලි තියනවා කියලා/ මේ වගේ දේසපාලන අදෝමුකයන් වැදගත් තැන්වලට දැම්මීමෙන් අපේ සංස්ක්‍රුතිය අබාවයට

  7. The Funeral Director says:

    බූරැවෙක්⁣ගෙ පිටෙි හකුරැ පැටෙවිවාට, සිරීපාදේ යා නොහැක.

  8. mod goviya says:

    හඩ්ඩ නේද අර ප්‍රේමකීර්ති මරවපු එකා කියන්නෙ…?
    ගුවන්විදුලියෙ මුල් පුටුව බලාගෙනනෙ මැරෙව්ව කියන්නෙ….

    දැං උදේ පත්තර කියවන වෙලාවට ගුවන්විදුලිය අහන් ඉන්න බෑ.. හඩ්ඩෙක් මලපහ කරනව…

    • Hansaya says:

      එතකොට ඒකාලෙ ජෙප්පො කුලියටත් මිනී මරලද ? මෙච්චර කල් කිව්වෙ දේශප්‍රේමය නිසා මිනී මැරුව කියල නේද ?

      • mod goviya says:

        ජෙප්පො කුලියටත් මිනී මරලද කියන්න දන්නෙ නම් නෑ..
        මං අහල තියන විදිහට හඩ්ඩ මරවල ජෙප්පන්ගෙ පිටින් ඇරල තියෙන්නෙ.
        මෙච්චර කාළයක් මිනිස්සු විස්වාස කලේ ප්‍රේමකීර්ති මැරුවෙ ජෙප්පො කියල..

Main News