සභාපති හිස්බුල්ලා, .. MD හිස්බුල්ලාගේ පුතා.. වියදම කෝටි 1400.. ෂරියා උගන්වන්න ආචාර්යවරු මක්කමෙන්.. ආසියාවම අස්ථාවර කරවිය හැකි මඩකලපු උපාධි කඩය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්…

April 30, 2019 at 9:20 am | lanka C news
සභාපති හිස්බුල්ලා, .. MD හිස්බුල්ලාගේ පුතා.. වියදම කෝටි 1400.. ෂරියා උගන්වන්න ආචාර්යවරු මක්කමෙන්.. ආසියාවම අස්ථාවර කරවිය හැකි මඩකලපු  උපාධි කඩය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්…

මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් නිමා කරමින් ඇති “මඩකලපු විශ්ව විද්‍යාලය” නමින් හඳුන්වන ආයතනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සවිස්තර කරුණු දැක්වීමක් සිදු කළේය.

මෙහිදී අදහස් දැක් වූ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ආරම්භයේ දී “මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජිය” නමින් ඇරඹු ආයතනයේ නම මේ වනවිට සිව් වරක් වෙනස් කර ඇති බවයි.

පීඨ 6 කින් යුතු විශ්ව විද්‍යාලයක් ලෙස පෙන්වුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇති ලේඛනවල වෛද්‍ය පීඨයකට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අදාල විස්තර ද දක්වා ඇති බව මහාචාර්ය ජයසුමන පැවසීය.

“ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨය” යනුවෙන් දක්වා ඇති පීඨයේ දෙපාර්තමේන්තු ඇත්තේ එකක් පමණක් බවත් ඒ “ෂරියා අධ්‍යයන දෙපාර්තමේන්තුව” බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය.

ෂරියා දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම සඳහා සවුදි අරාබියේ මක්කමේ පිහිටි උමා අල් කුරා සහ තවත් විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්යවරු බඳවාගෙන ඇති බව ද මෙහිදී හෙළි විය.

2019 වර්ෂය සඳහා සිසුන් 3670 ක්ද 2020 වර්ෂය සඳහා සිසුන් 5380 මේ ආයතනයට බඳවා ගැනීමට සුදානම් වන බවත් ඉන්දියාව, බංගලාදේශය ආදී රටවලින්ද සිසුන් බඳවා ගැනීමට පිඹුරුපත් සකසා ඇති බවත් මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා රුපියල් කෝටි 1400 වැය කර තනා ඇති මේ ආයතනයේ සභාපති බවත් ඔහුගේ පුතා කළමනාකාර අධ්‍යක්ෂක බවත් මෙහිදී හෙළි විය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මුළු රටම නොමග යවමින් මේ ඉදි කරන්නේ ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයම අස්ථාවර කිරීමට අවශ්‍ය ඉස්ලාම් අන්තවාදීන් බිහිකරන මධ්‍යස්ථානයක් බව වැඩි දුරටත් පැවසූ මහාචාර්ය ජයසුමන වහාම මේ ආයතනය වසා දමා දැනට ගොඩ නගා ඇති ගොඩනැගිලි සහ සම්පත් රජයට පවරා ගෙන ඵලදායි ලෙස භාවිතා කලයුතු බවත් දැක්වීය.

මෙකී හොර උපාධි කඩයට අනුග්‍රහය දක්වනවායයි පැවසු සවුදි අරාබි ආයතනය හැර තවත් ආයතන කිහිපයක් හිස්බුල්ලා මහතාට රුපියල් කෝටි ගණනක් ලබා දී ඇති බවත් ඒ මුදල්වලට සිදු වුයේ කුමක්ද යන්නත් මෙහිදී ප්‍රශ්න කෙරුණි.

– රවීන්ද්‍ර දසනායක

142,442 Viewers

23 Comments to “සභාපති හිස්බුල්ලා, .. MD හිස්බුල්ලාගේ පුතා.. වියදම කෝටි 1400.. ෂරියා උගන්වන්න ආචාර්යවරු මක්කමෙන්.. ආසියාවම අස්ථාවර කරවිය හැකි මඩකලපු උපාධි කඩය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්…”

  1. නුරන් says:

    අන්තරේට සහ පෙරටුකොක්කන්ට ඩොලර් මිටි…
    SAITM අවුල්…..ශරියා අවුල් නැත…
    පෙරටු අලුත් තියරිය…

    • නුවන් ගවේෂක says:

      ලංකාව ඉස්ලාම් රටක් නොවේ
      ලංකාව ඉස්ලාම් මද්යස්තානයකුත් නොවේ
      ලංකාවට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නැත
      ඒවා පිහිටුවියයුත්තේ මුස්ලිම් රටවලයි
      සිංහල බෞද්ද සිංහල කතෝලික දෙමල හින්දු දෙමල කතෝලික අප සියල්ල එක්වී අන්තවාදය පතුරුවන ශ්‍රීලංකාවට මුළු මුස්ලිම් ලෝකයේම අන්තවාදීන් රැගෙන එන මෙම විශ්වවිද්‍යාලය වහාම අහෝසි කල යුතුයි
      මහා සන්ගරත්නය මෙන්ම කතෝලික ක්‍රිස්තියානි ,හින්දු පුජක තුමන්ලා සියලු දෙන මේ ෂරියා විශ්වවිද්‍යාලයට විරුද්දව උද්ගෝෂණය කල යුතුයි .
      නිව්ස් වික් සඟරාවේ මිට අවුරුදු 10කත පමණ පෙර ඉස්ලාම් අන්තවාදයේ වියාපතිය ගැන ගවේශනාත්මක ලිපියක් පළවුනා .ඒ ලිපිය සොයාගත හැකි අය කියවා බලන්න

      • දේවක says:

        කෝ අර සයිටම් වහන්න මරාගෙන මැරෙන්න ලෑස්ති වුණ දේසප්‍රෙමි පාදෙනිය?

  2. sathya says:

    Still, they’ve not started education there. So its time to avoid education at this University. The government could take this building and continue with a university.

    • kanishka Tissa says:

      This is a massive facility. It is built in Riditanna, an ancient Sinhala village. The remaining few Sinhala settlers fled the area due to war in early 1980s.

    • Victor says:

      There are over 300 madrasas already in Sri Lanka. Game over for everybody. Heading for another dark era unless these are nipped in the bud. Governments with spineless, illiterate and greedy politicians cannot do that. Our idiots are even removing buddha statues from govt. establishments citing it is a hindrance to ‘Sanhindiyaawa’ whereas muslims are allowed to build a mosque right next to Dalada Maligawa. They want to make it even taller than the Dalada Maligawa. Is ‘Sanhindiyaawa’ only to suppress the majority ?

  3. danapala says:

    ko ban sadde

  4. Buddhika says:

    Dont allow this University to start.

  5. UNP GAL IBBA says:

    මේවා අර ලපකුමාරලාට නොපෙනෙනවා වෙන්න ඇති මුදල්වලට යට උනාම සයිටම් විතරයි පෙනෙන්නේ අර පිස්සු බල්ලන් වගේ ඕන එකටයි එපා එකටයි මුදලට උඬුබුරලන්න තමයි දන්නේ ඇස් ගෙඩි පුඹන් හොම්ඹඋල් කොරගෙන?????

  6. Edward Theophilus says:

    University Grants Commision is the regulatory Authority and the Minister of Higher Education also responsible for allowing to this institution without considering the existing regulation. This will create many problems in Sri Lanka.

  7. Perera says:

    Normal, Mahim, Halwatura…where are you?

  8. Abu Lapaya says:

    මහින්ද, රනිල් සහ සිරිසේන මෙවාට වග කියන්න ඕන

    • බයියා says:

      එතකොට ඉඩම් දීලා, සල්ලි දීලා, එකට මුල් ගලුත් තියලා, විෂවිද්යාලයක් හැටියට තෘතීක අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියත් දීපු අය හොඳයි. තොනම් නොම්බර එකේ බයියේක්.

    • Sun says:

      They all have the problem of dementia and cannot see or imagine the future from their heads.

  9. Beef says:

    Not only the Universities , Every facets of the Muslim societies must be regulated . All Islamic teachings must be exposed and debated.

  10. ranil says:

    වහාම මෙය රජයට අත්පත් කර, නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධ කරනු.

  11. Nuwan says:

    Hoyanne balanne nethiwada munta owa karanna dunne?

  12. This is THE reason that the very first day of explosion Hisbulla made a statement that the NTJ has no connection with the explosions. Racist idot politicians should sweepout from the Muslim society by themselves.
    “Ballala mallenn eliyata panna!’

  13. ගමනායක says:

    මෙහෙම සරසවියක් අපේ රටට ඕන දෙය නොවෙයි. මේවට ඕන තරම් මුස්ලීම් රටවල් තිබෙනවා. මේකේ උගන්වන මහාචාර්යවරු අරාබියෙන්ලු එන්නෙ. අරාබියෙන් එන මේ කට්ටියගෙ අන්තවාදය හැර වෙන උගත්කමක් නැහැ. හිස්බුල්ලා මේක අන්තවාදීන්ගෙ සල්ලි ගරාගන්න කරපු වැඩක්. වහාම මේක රජයට පවරාගෙන නැගෙනහිර සරසවියට අනුබද්ධ කරන්න.

  14. Dasa Nayaka says:

    Nobody knows when did this University start construction.
    Please comment which year

  15. praba says:

    hitawala thiyenneth tha gas. yako meka original arabiyane

  16. Suren says:

    The government should take over this university as an utmost priority!

Main News