සභාවේ වලියක්… විපක්ෂය එළියට දමා සභාපති දොර වසයි…

March 12, 2019 at 10:10 pm | lanka C news
සභාවේ වලියක්… විපක්ෂය එළියට දමා සභාපති දොර වසයි…

මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ මහා සභා රැස්විම උණුසුම් තත්වයක් විපක්ෂ නායක ඇතුලූ මන්ත‍්‍රී කණ්ඩායමක් සභා ගර්භයෙන් පිටව යයි. පිටව යන මන්ත‍්‍රීවරුන් මහජන නියෝජිතයින් ලෙස සභාවේ හැසිරෙන ආකාරය පිළිකුල් සහගත බව පවසමින් සභාපතිවරයා විසින් සභා ගර්භයට ඇතුලූ වන ප‍්‍රධාන දොරටුව වසා දොරපියන යතුරෙන් වසා ආණ්ඩු පක්ෂයට සහාය දක්වන මන්ත‍්‍රීවරුන් සමග එක්ව 12 සභාව නියමිතව පවත්වාගෙන යෑමේ කටයුත්තක් සිදු විය.

සභාවෙන් පිටව ගිය විපක්ෂයේ මන්ත‍්‍රී සභිකයෙකු වන පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී මාගම සුනිල් ගුණරත්න මහතා ( කිහිලි කරු භාවිතා කරන අබාධිත මන්ත‍්‍රීවරයෙක් * නැවත සභාව පැවැත්වෙන විට ආපසු පැමිණ තම කිහිලි කරුවකින් සභා අත්සන් ලේඛනය වෙනත් මේසයක තිබියදි එය කිහිලි කරුවේ ආධාරයෙන් ලබා ගෙන අත්සන් කිරිම සභාපතිවරයාගේ පිළිකුලයට ලක් වු අතර ඔහුට සභාපතිවරයා අවවාදයක්ද ලබා දිම එදින සිදු විය. සභාපතිවරයා ඔහුට පවසා සිටියේ සභාවක් ඉදිරියේ ගරු කිරිම මන්ත‍්‍රීවරුන් පුරුදු පුහුණු විය යුතු බවත් සත්ව කොට්ඨාංශයන් ලෙස හැසිරිම වැරදි සහගත බවයි.

මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ මහා සභාව මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපති එජාපයේ අනුර චන්දන ජයවන්දල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විය.

සභාව ආරම්භයේදිම පසුගිය සභා වාර්තාව සභා සම්මත කිරිමට යෑමේදි විපක්ෂ නායක පොදුජන පෙරමුණේ කේ.ජි. පියතිස්ස මෙන්ම ශ‍්‍රීලනිප මන්ත‍්‍රී එම්.එස්.එම් කාමෙල් මහතා, පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී මංජුල නිලංජන් හඳකුඹුර යන මන්ත‍්‍රීවරුන් සභාවට අදහස් දක්වමින් පැවසුයේ මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ ගිය සභාවේ වාගේම මේ සභාවෙත් විපක්ෂ මන්ත‍්‍රීවරුන් සංසෝදන ඉදිරිපත් කර කිසිදු දෙයක් සභා වාර්තාවේ සඳහන් නොවන බවයි. මෙ කිසි දෙයක් නොලියා සභා වාර්තාව සත්‍ය වාර්තාවාක් බව කිසිදු සංසෝදනයක් සිදු නොකිරිමේ වරද අපි කිහිප වතාවක් පෙන්වා දුන් නමුත් එය හිතා මතා දිගෙන් දිගටම සභාපතිවරයා ඇතුලූ කණ්ඩායමක් විසින් සිදු කරන බව සිය අදහස් දැක්විම් වලින් ඉදිරිපත් කර අතර සම්පුර්ණයෙන් නිතී විරෝධි ලෙස මාවනැල්ල සභාවේ කටයුතු සභාපතිවරයා විසින් සිදු කරන බව එහිදි ඔවුන් සභාපතිවරයාට චෝදනා කරන ලදි. එහිදි සභාවේ ලේකම්තුමියට මන්ත‍්‍රීවරුන් චෝදනා කර සිටියා.

මෙම උණුසුම් තත්වය හමුවේ අදහස් දක්වමින් ආණ්ඩුපක්ෂයේ එජාප මන්ත‍්‍රී පුතුල උඩගම මෙන්ම ජාතික ජනතා පක්ෂයේ මන්ත‍්‍රී රුවන් කුමාර දයාරත්න මහතා විසින් විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට විවිධ කරුණු ගෙන හැර දක්වමින් පැහැදිලිම් කරද එය ප‍්‍රතික්ෂ කරමින් එදින සියලූ කටයුතු අත හැර විපක්ෂයේ අසුන් වලින් පිටව ගියේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමග උණුසුම් වචන හුවමාරුකම් සිදු කර ගනිමිනි. එහිදි පිටව යන මන්ත‍්‍රීවරුන්ට සභාපතිවරයා මුලින් අවවාද කර පසුව ඔහුද ඒ සම්බන්ධයෙන් උණුසුම් වචන වලින් පසුව පිටව යන මන්ත‍්‍රීවරුන්ට සංග‍්‍රහ කලාය. විපක්ෂයේ පිටව යන මන්ත‍්‍රීවරුන්ගෙන්ද සියලූ දෙනාට උණුසුම් වචන වලින් සංග‍්‍රහයක් ලබා දුන් අතර එලෙස පිටව යන විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් අත්පොලසන් හඩ මෙන්ම හූ හඩක්ස සභාවෙන් ඇසිණි.

සභා ගර්භයෙන් පිටව ගිය විපක්ෂ නායක ොපදුජන පෙරමුණේ මන්ත‍්‍රී කේ.ජි. පියතිස්ස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

දිගෙන් දිගටම මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ වන අකට යුතුකම් සම්බන්ධයෙන් අපි හැමදාම කතා කරනවා. හැබැයි ඒ අකට යුතුකම් සම්බන්ධයෙන් කිසි දෙයක් මෙ සභා වාර්තාවට ලේකම්තුමා හා සභාපති ඇතුලූ කණ්ඩායම මෙයට ඇතුලත් කරන්නේ නැහැ. මෙ වෙනුවෙන් නිතීමය ක‍්‍රියා මාර්ග ගයි කියලා.

මාවනැල්ල මැතිවරණ කොට්ඨාංශයේ වසම් 24 තුල සමසේ ජනතාවට ප‍්‍රතිපාදන වෙන් නොකර සභාපතිවරයාගේ සහ කිහිප දෙනෙකුගේ උවමනාවට ලක්ෂ 88 ක් වෙන් කරනවා. ඒ වාගේම තමයි මාවනැල්ලේ අදාහානාගාරයක් තිබියදි සභාපතිවරයාගේ ගමේ ආදාහානාගාරයක් හදන්න දෙකෝටි ගණනකට වැඩි මුදලක් වියදම් කිරිමට යනවා. ඒ වාගේම හෙම්මාතගම පාරවල් දෙකකට අත්තිකාරම් ගෙවලා ඒ පාරවල් හදන්නේ නැතුව කටයුතු කලා. මෙවා එකිනෙක කරුණු පැහැදිලි කරලා එතුමාට කිවාට පස්සේ ඒවා සභා වාර්තා වල ඇතුලත් කරන්නේ නැහැ. ඒවා ගැන කතා කරනකොට සභාවෙන් එළියට දමලා සභාවේ දොර වැසුවා. ඒ වාගේම සභාපතිවරයාට හිට්ලර් පාලනයක් ගෙන යන්න බැහැ. ඒ වාගේම ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 5 දෙනාගෙන් තුන්දෙනෙක් දුෂණ වලට උදව් කරමින් ආණ්ඩු පක්ෂයට වේලා වාසි වෙනුවෙන් කටයුතු කරනවා. ඒ නිසා අපි විරෝධය පා ආණ්ඩුකාරවරයා දැනුවත් කිරිම වෙනුවෙන් එළියට ආවා.
පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී මංජුල නිලංජන් හඳකුඹුර.

මෙ දුෂණ කටයුතු කර ගන්න ලේකම් කෙනෙක් ගෙනත් තියෙනවා. අධිභාර වෙච්ච කෙනෙක්. ගිය පාර මේයා අයින් කරලා නැවත ගෙනත් තියනවා මෙ දුෂණ වැඩ ටික කරගන්න.

ශ‍්‍රීලනිප එම්.ආර්.එම්. අසාම්

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට වැඩ කරන්න මුදල් වලින් භාගයක්ම දෙනවා කියලා තියෙන්නේ මෙ වෙන කොට සත පහක්වත් දිලා නැහැ අපිට. කෝටි එකහමාරක් දාගෙන තියෙනවා සභාපතිවරයාට විතරක්. අපිට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් ශ‍්‍රීලනිප සභාපතිවරයෙක් නැහැ.

එදින සභාවෙන් පිටව ගිය මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් මාධ්‍යවේදින් විසින් සභාපති අනුර චන්දන ජයවන්දල මහතාගෙන් විමසු විට ඒ මහතා මෙසේ පැවසීය.

විශේෂයෙන් මම දකිනවා. අද මෙ මාවනැල්ල ආසනයේ ජනතාව වෙනුවෙන් පත් කරලා එවපු එවු යම් කිසි මන්ත‍්‍රීවරුන් කොටසක් සභා ඉතිහාසයේ නින්දිතම වැඬේ කරා අත්සන් ලේඛනය අරන් අත්සන් කරලා ජනතාව පවා දිලා රුපියල් 15000 අරගෙන ගෙදර ගියා.

මම දකිනවා විශේෂයෙන් අවුරුදු ගාණක් පුරාවටම අපේ නගරයේ සංවර්ධන සැලස්ම වෙනුවෙන් අපිට අත්පත් කර ගැනිමට තිබු ඉඩමක් සම්බන්ධයෙන් යෝජනාවක් දාලා තිබුණා සභාපතිවරයා වශයෙන් ඒ යෝජනාවේදි මෙ හිටපු කොටස ඊට සම්බන්ධ වේලා කතා කරන්න ඔනෑ නම් අද උඩ බලා කෙළ ගසා ගන්නා වැඩක් තමයි කරන්න වෙන්නේ ඒ නිසා මෙ අය මිට කලින් කතා කරගෙන දැනුවත් වි තිබුණු නිසා ඒ අයගේ වැරදි ඒ අය පිට පටවා ගන්න වන නිසා සභාවෙන් ඒ අය බැහැරව ගියා.

විශේෂයෙන් මම කියන්න ඔනෑ මේ ප‍්‍රාදේශිය සභාවේ පක්ෂ විපක්ෂ මෙන්ම විපක්ෂ නායක කියලා කිසිම කොටසක් නැහැ සියලූම දෙනා සභිකයෝ කියලා තමයි අපි හදුන්වන්නේ ඒ නිසා ඒ සභිකයන්ට මෙ සභාව පවත්වාගෙන යෑමට අවශ්‍ය ඝන පුර්ණය ඉන්නවා. අද අපේ කණ්ඩායමේ සභික සංඛ්‍යාව 21 ක් මහා සභාවට සිටියා. ඒ නිසා මෙ සභාව වෙනදා පවත්වන ආකාරයෙන් කිසිම අපහසුතාවකින් තොරව මාවනැල්ල ජනතාව වෙනුවෙන් හොඳ තීන්දු තිරණ රැසක් ගත්තා කියලා මම හිතනවා.

අද සියලූම මාධ්‍යවේදින් දකින්න ඇති පිටව ගිය සභිකයෙක් නැවත ඇවිත් සභාවට රුපියල් 15000 ලබා ගන්න පොත අත්සන් කරන්න ඔනෑ කියලා සභාවට ගරු නොකර තමන්ට උදව් වන කිහිලි කරුවෙන් අත්සන් පොත ඈත මේසයකින් අරන් අත්සන් කරලා ගියා. මේ ආකාරයෙන් හැසිරිම මෙ අය පත් කරලා එවපු ජනතාව දැනගන්න ඔනෑ. සත්තු වත්තේ සත්තු මිට වඩා යහපත් හැසිරිමක් පෙන්වනවා.

මෙ අය හැමදාම පසුගිය සභාවාර්තාව සම්මත කරනකොට ප‍්‍රාදේශිය සභා පණතේ තියෙනවා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්න බැහැ කියලා මෙ ගිය අය ප‍්‍රාදේශිය සභා පණතවත් හරියට කියවන්නේ නැතිව දැනුමක් නැතුව සත්ව කොට්ඨාංශයක් වාගේ ජනතා නියෝජිතයන් වශයෙන් හැසිරිම ජනතාවට පාඩුවක්. මෙ අය හරියට නරි වාගේ රිලව් වාගේ කෑ ගහලා යනවා.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී ජයන්ත කුමාර මහතා.

අද දින ඇතිවෙච්ච ප‍්‍රශ්නය ඉතා කණගාටුයි ජනතාවගේ ගැටලූ ගෙනත් සාකජ්ජා කරන්න තමයි අපි එන්නේ නමුත් ඒ සාකජ්ජාවට ඒහා ගිය තමන්ගේ පටු පරමාර්ත වෙනුවෙන් මේ සභාව මෙහෙයවා ගන්න උත්සාහ කරනවා නම් එක කවුරු කලත් වැරදි. සභාවාර්තාව සම්බන්ධයෙන් සංවාදයට ලක් කිරිමේ හැකියාවක් නැහැ. තමන්ගේ අදහස නැතිනම් එය සංගමයකින් සභාවට ඉදිරිපත් කර යුතුයි. නමුත් සභාවට කලබලයකට ලක් කරලා වෙනත් කරුණු පටු පරමාර්ත ඉටු කර ගැනිමට යෑම මහජන නියෝජිතයන් ලෙස ගැලපෙන්නේ නැහැ.

කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිටව ගිය පසු එදින සභාවට පැමිණි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙක් වන කීර්ති බණ්ඩාරතිලක මහතා සහ ස්ටිවන් මහතා විසින් සභාවේ විනාඩි කිහිපයක් රැදි සිට සභාවේ පොත අත්සන් කර ඔවුන්ද එදින සභාවෙන් පිටව ගියාය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

82 views
Main News