සභා ගැබේ පරිඝණකවලින් මන්ත්‍රීලා XXX බලති..
November 20, 2018 at 6:48 pm | lanka C news
බස්නාහිර පළාත් සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවපි‍්‍රය මහතා විසින් ඊයේ (19 දා) නව සභා ශාලාවේදී ඉදිරිපත් කරන විට ඇතැම් මන්ත්‍රීවරුන් ඔවුන්ගේ මේසයේ සවිකර තිබෙන පරිගණකයෙන් අසභ්‍ය දසුන් ඇතුළු විවිධ වැඩසටහන් නරඹමින් සිටිනු දක්නට ලැබිණි.
නව සභා ශාලාවේ සෑම මන්ත්‍රී ආසනයක් ඉදිරියෙන්ම තිබෙන මේස මත නව පරිගණක යන්ත්‍ර සවිකර තිබූ අතර එම පරිගණක ටච් කර අන්තර්ජාලයට පිවිසීම ඇතුළු දැනුම් සම්භාරයක් ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබිණි. එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් (ආණ්ඩු පක්ෂයේ) එම පරිගණක ක්‍රියාත්මක කර අසභ්‍ය දර්ශන සහ විවිධ වැඩසටහන් නරඹන අයුරු මාධ්‍යයට දැකගත හැකිවිය. තරුණ මන්ත්‍රීවරුන් අභිබවා වයසින් මුහුකුරා ගිය මන්ත්‍රීවරුන් ඒ සඳහා යොමුවී සිටින බවද දක්නට ලැබිණි.
මහ ඇමැතිවරයා ඉදිරිපත් කළ 2019 වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශයේ ඇස්තමේන්තුගත මුළු වියදම රුපියල් මිලියන 81,261 ක් වන අතර එය මේ වසරට (2018) වඩා රුපියල් මිලියන 9635 ක වැඩිවීමකි. ඇස්තමේන්තුගත වියදමින් රුපියල් මිලියන 8,465 ක් පුනරාවර්තන වියදම් වන අතර රුපියල් මිලියන 1170 ක් ප්‍රාග්ධන වියදම් වේ.
මුළු වියදම පියවා ගැනීම සඳහා රජයෙන් ලැබේ යෑයි අපේක්ෂිත ජාතිය ගොඩනැඟීමේ බදු සහ මුද්දර ගාස්තු රුපියල් මිලියන 30,624 කි. රජයේ ප්‍රදාන ලෙස පළාත් සභාව රුපියල් මිලියන 22,217 ක් බලාපොරොත්තු වෙයි. පළාත් සභාව රැස් කිරීමට බලාපොරොත්තු වන ආදායම රුපියල් මිලියන 26,180 ක් වන අතර පෙර ඉතුරු මුදල් රුපියල් මිලියන 2260 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කර ඇත.
බස්නාහිර පළාත් සභාව එහි සභාපති සුනිල් විඡේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකළ මහල් පහළොවකින් යුත් ගොඩනැඟිල්ලේ 12 වැනි මහලේ පිහිටි සභා ශාලාවේදී රැස්විය.
සභාපතිවරයාගේ නිවේදන, ලිපි ලේඛන පිළිගැන්වීම, පෙත්සම්, ප්‍රශ්න, අතුරු ප්‍රශ්න ඇසීම ඇතුළු න්‍යාය පත්‍රයේ මුල් කොටසේ කටයුතු අවසන් වීමෙන් පසු මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් 2019 වර්ෂයට අදාළ මුදල් ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.
නව ගොඩනැඟිල්ලේ මන්ත්‍රී ආසන සඳහා පැරැණි සභාවේ මන්ත්‍රී ආසන ස්ථාපිත කර තිබූ අතර රජයේ නිලධාරීන් සහ අමුත්තන් සඳහා වැඩිපුර ප්ලාස්ටික් පුටු මහජන ගැලරියේ දක්නට ලැබිණි.
මෙම ගොඩනැඟිල්ල නිර්මාණය කරනු ලැබුවේ දිගුකාලීන දැක්මක් ඇතිව බවත්, නවීන තාක්ෂණයෙන් සහ ගුණාත්මක භාවයෙන් පිරි මෙවැනි ගොඩනැඟිල්ලක් අග නගරයේ පමණක් නොව මුළු දිවයිනේම නොමැති බවත් මහ ඇමැතිවරයා පැවසීය.
චමින්ද සිල්වා
– divaina
තුනෙන් දෙක උඹ වැටුනම දැක්කට
මීයගෙ තුන ලොකුය උඹගෙ දෙකට
කන්දෙක මැද මොලයක් තිබ්බාට
මොලය වැඩකරයිද ඩිජිටල් විදියට
ඉතින් බන් කොච්චර දියුණු ගොඩනැගිලි හැදුවත් වැඩක් නෑ ඒවට පත්වෙලා එන්නෙ නොදියුණු ගෝත්‍රිකයෝ කියල දැන් තේරෙනවනෙ.
පලාත්සසභාමන්ත්රී xxx බලපු දැක්කාට
අද සම්බන්ධන්.විපක්ෂ කාර්යාලයට තානාපතිවරෑ.ගෙන්වා මොනවාද කලේ
දැක්කෙ නෑ
මන්ත්‍රීවරුන්ද මනුෂ්‍යයෝය.
aniwa UNP kaarayo wenna ethi
na ban ubalage ewunma thama 😀
කතානායකටත් මේවා බලන්න කියාපල්ලා…එතකොට පිස්සු කෙලින එකක් නෑ. පිහි ඔනෙට් නා..මිරිස්කුඩු ඕනෙත් නෑ..තාවකාලික සුදියක් ආතල් එකක් ගන්ට පුළුවන්.
සබා ගැබේ මොකෝ අම්මගේ ගැබේ මොකෝ…නිකන් දකින්න ලැබෙන දේ බලාපියව්…
Ane apoi neethiyak palanayak nathi hati. Mun danna de thamai oya. Nam gam nathi ewun tikakda me wade karala thiyenne.
මේ කාලකන්නි යන්ට අහුවෙන්න නැතිව මුකුත්ම කරගන්න බැහැ නේ