සමගි ජන බලවේගය ආන්ඩුව පිහිටුවූ ගමන් බඩු මිල හොදටම අඩු කරවා..

June 14, 2020 at 6:47 pm | lanka C news
සමගි ජන බලවේගය ආන්ඩුව පිහිටුවූ ගමන් බඩු මිල හොදටම අඩු කරවා..

ජාතික සමගි ජනබල පෙරමුණ ශක්තිමත්ව ඉදිරියට යන බවත් , ඇතැම් පිරිස් පවසන පරිදි ජාතික සමගි ජනබල පෙරමුණ තුල කිසිදු මතභේදයක් නොමැති බව ජාතික සමගි ජන බලපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සහ හිටපු අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එ බැව් කියා සිටියේ ජාතික සමගි ජනබල පෙරමුණේ නාවලපිටිය ශාඛා කාර්යයාලය (14) දින නාවලපිටිය නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග ජනතාවට සහන ලබාදෙන ලෙස රජය විසින් චක්‍රලේකණ නිකුත් කලද එම සහන ලබාදිමට රජය තුල සහ රාජ්‍යය බැංකු තුල මුදල් නොමැති බවයි.

ජනතාවට සහන ලබාදෙන බවට පොරොන්දු වි බලයට පැමිණි රජය මේ වන විට රටේ ජනතාව අමතක කර ඇති බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.

මාධ්‍යයවේදින් හමුවේ අදහස් දැක් වු ජාතික සමගි ජනබල පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් මහතා කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ ලාබාලතම පුද්ගලයා වශයෙන් තමන් නාවලපිටිය නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබාදුන් බවයි.

නාවලපිටිය ආසනයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා අභිබවා මෙවර මහ මැතිවරණය ජාතික සමගි ජන බල පෙරමුණ මහනුවර දිස්ත්‍රික්කය තුල විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් වෙනත් ගමනක් යන බවත් , තමන් දේශපාලනයෙන් හරි මග යමින් මෙවර මැතිවරණයෙන් තමන් පාර්ලිමේන්තුව වෙත ගොස් නාවලපිටිය ප්‍රදේශයේ ජනතාවට සේවය කිරිමට තමන් කටයුතු කරන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

413 views
Main News