සමගි ජන බලවේගය ජාතිවාදී කල්ලියක් කරන බව මංගල කියයි.. සුළු පක්‍ෂ නායකයෙක් වහ කදුරු වෙයි..

June 18, 2020 at 10:40 am | lanka C news
සමගි ජන බලවේගය ජාතිවාදී කල්ලියක් කරන බව මංගල කියයි.. සුළු පක්‍ෂ නායකයෙක් වහ කදුරු වෙයි..

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා එක්ව සිටින තවත් දේශපාලන පක්ෂ නායකයෙකුට හිටපු ඇමැති මංගල සමරවීර මහතා දැඩි චෝදනා එල්ල කර ඇති බව සව්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එහි වාර්තාවක දැක්වෙන්නේ සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂ දැක්මෙන් වේගයෙන් බැහැරට යමින් ජාතිවාදී කණ්ඩායමක් බවට පත්වෙමින් ඇති බව සමරවීර මහතා විසින් පක්ෂ නායකයාවෙත දැනුම්දී ඇති බවයි.

එවන් කණ්ඩායමක සාමාජිකයෙක් වීමට උවමනා අයෙකු වෙතොත් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෝ රාජපක්ෂ පවුල සමග එක් වූවාට කමක් නැති බවට සමරවිර මහතා සඳහන් කර ඇතැයිද මහරවීර මහතා පවසා ඇත.

එනිසා තවත් එවැනි ඩුප්ලිකේට් කණ්ඩායමක් පසුපස යාමේ උවමනාවක් නොමැති බවද සමරවිර මහතා සඳහන් කර තිබේ.

අදාළ චෝදනාව එල්ල වන දේශපාලන පක්ෂ නායකයා තම මැතිවරණ ව්‍යාපාරය සජිත් ප්‍රේමදාස මහතා ද සමගි ජන බලවේගයද පසෙකට කරමින් දියත් කරමින් සිටින බවටද ඔහු චෝදනා එල්ල කර ඇත.

238 views

17 Comments to “සමගි ජන බලවේගය ජාතිවාදී කල්ලියක් කරන බව මංගල කියයි.. සුළු පක්‍ෂ නායකයෙක් වහ කදුරු වෙයි..”

  1. gamason says:

    genu pirimi wenasak nehe wedi hariye lankawe ado mukaya pavichi karanawamai ‘bisexuals’ gay friendly lollo

Main News