සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

October 31, 2020 at 2:13 am | lanka C news
සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය මෙසේය.

ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා
කථානායක
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

සමගි ජන බලවේගයෙන් නෙරපන ලද මන්ත්‍රීවරුන්හට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීම.

පහත නම් සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් තීරණය කොට ඇති අතර ඔවුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්‍ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

  1. ගරු ඩයනා ගමගේ මැතිතුමිය
  2. ගරු ඒ. අරවින්ද් කුමාර් මැතිතුමා
  3. ගරු ඉෂාක් රහුමාන් මැතිතුමා
  4. ගරු ෆයිසාල් කාසිම් මැතිතුමා
  5. ගරු එච්.එම්.එම්. හාරීස් මැතිතුමා
  6. ගරු එම්.එස්. තවුෆීක් මැතිතුමා
  7. ගරු නසීර් අහමඩ් මැතිතුමා
  8. ගරු ඒ.ඒ.එස්.එම්. රහීම් මැතිතුමා
  9. ගරු එස්. එම්. එම්. මුෂාරෆ් මහතා

ලක්ෂ්මන් කිරිඇල්ල, පා..
විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක

36,090 views

16 Comments to “සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..”

  1. Kalana says:

    සිංහලයන් හදපු ආණ්ඩුව… සතුටුයි, සන්තෝෂයි, දැන් මුන් ටික ඇමතිලා, උන්ගේ අරමුණට ගමනේ යා. රට අල්ලමු. කාලකන්නි සිංහල යයි කියන දේශපාලුවන් රට නැතිම කරලා දානවා.

    • ඒක තමා….හිතට දුකයි වගේ නේද….මම නම් කියන්නෙ…ඔය නමදෙනා එලෙව්ව කියල හරියන්නෙ නෑ……..විපක්ශෙ ඉන්න ඉතුරුටිකත් බඩ කපාගෙන මුහුදට පනින්න ඕනෙ එතකොට ඔය අමාරුව හරියනව…..

  2. Citizen says:

    Ane Manda ban, palakoyoth akaiee ,vipakshayath akieee ,gone part madya sandarshna Oni naa apita.media circus from government and opposition parties which we don’t want .

Main News