සමන් දේවාලය අසල නිදන් හැරෑ චිවර ධාරියෙකු ඇතුළු 06ක් අත්අඩංගුවට.. රිමාන්ඩ්..

June 23, 2019 at 2:02 am | lanka C news
සමන් දේවාලය අසල නිදන් හැරෑ චිවර ධාරියෙකු ඇතුළු 06ක් අත්අඩංගුවට.. රිමාන්ඩ්..

බලන්ගොඩ බොල්තුබෙි සමන් දේවාලය අවට නිදන් හැරැ චිවර ධාරියෙකු ඇතුළු හය දෙනෙකු ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා නියෝග කලේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරැනේ මොනරාගල ප්‍රදේශය චිවර ධාරියෙකු සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි කපුවෙකු සහ බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හතරදෙනෙකුයි.

පසුගියදා බලන්ගොඩ බොල්තුබෙි සමන් දේවාලයේ දොර ජනෙල් කඩා පෞරාණික භාණ්ඩ සොරකමි කිරිම සමිබන්දයෙන් පොලිස් පති වරයාගේ උපදෙස් පරිදි බලන්ගොඩ සහකාර පොලිසිය අධිකාරි දුමිදු සේනානායක සහ යාපනයේ සහකාර ⁣පොළිස් අධිකාරි දසනායක මහතා ප්‍රධානත්වයෙන් පරික්ෂණ පැවැත්වු විශේෂ පොලිස් කණ්ඩායමක් හතරක නිළධාරීන් විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරනට ඉදිරිපත් කලේය.

– සම්පත් ප්‍රියනන්දන

108 views
Main News