සමයං ඇතුළු හතක් ඝාතනයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවේ..
March 17, 2017 at 12:40 pm | lanka C news
ඉකුත් දා කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්රශ්න කිරීමට පොලිසිය විසින් ගාල්ල වලහන්දුව ප්රදේශයේ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.
ඇයට එල්ල වී ඇති චෝදනාව වන්නේ අදාල වෙඩි තැබීමට සම්බන් යයි හදුනාගෙන ඇති පුද්ගලයෙකුට කෑම බී දී එහි නවාතැන් දී සැකකරු සගවාගෙන සිටීමයි.
මෙම ඝාතනය වූ දිනට පසු අදාල පුද්ගලයා ඇයගේ නිවසේ දින කිහිපයක් නවාතැන් ගෙන ඇතැයිද පොලීසිය කියයි.