සමයං ඇතුළු හතක් මරා පලා ගිය ‘සුදු වෑන්’ රිය අත්අඩංගුවට.. ‘පොලිස් ඇදුම්’ ගැනත් සොයයි..
February 28, 2017 at 10:40 am | lanka C news
ඊයේ දිනයේ කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය කර ඝාතකයින් පලා ගිය වෑන් රථය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
හොරණ මොරගහහේන ප්රදේශයේදී මෙම සුදු පැහැති වෑන් රථය සොයාගෙන ඇති පොලීසිය එය අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර ප්රහාරය සදහා යොදා ගත් කැබ් රථයේ හිමිකාරිය වන අතුරුගරියේ පදිංචි කාන්තාවක් පවසා ඇත්තේ එම රථය තමන් විසින් කුලියට වාහන දෙන ආයතනයකට ලබා දී තිබූ බවයි. ඒ ඔස්සේද පරීක්ෂණ පැවැත්වෙයි.
ඝාතකයින් ඇද සිටි පොලිස් නිල ඇදුමට සමාන ඇදුම ගැනද පරීක්ෂණ සිදු කෙරේ.