සමලිංගිකත්වය වරදක් යැයි නීතිගත කිරීමට අදහසක් නෑ..- කැබිනට් ප්‍රකාශක
September 17, 2020 at 6:48 pm | lanka C news
සමලිංගිකත්වය සාපරාධී වරදක් යැයි නීතිගත කිරීමට අදහසක් රජයට නැති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගේ ද අවධානය යොමු කිරීමට අදහස් කර සිටින බවද ඔහු පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.