සමස්ථ ආර්ථිකය භයානක අඩියකට.. ආයෝජකයින් බියවෙති… ‘ජෝන් කීල්ස්’ කොටස් පවා නොවිකිණී වේලෙති..

November 20, 2016 at 1:06 am | lanka C news
සමස්ථ ආර්ථිකය භයානක අඩියකට.. ආයෝජකයින් බියවෙති… ‘ජෝන් කීල්ස්’ කොටස් පවා නොවිකිණී වේලෙති..

‘ලංකාවේ ප්‍රධානතම සමාගමක් වන ජෝන් කීල්ස් විසින් ඔහුගේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය රුපියල් බිලියන දහයක් ප්‍රාග්ධනය ලබාගැනිමට අවශ්‍ය කොටස් අලෙවි කිරීමට ඉදිරිපත් කලා. එත් ඉතිහාසයේ පලමුවරට එම සමාගමට අලෙවි කර ගැනිමට හැකි වුනේ රුපියල් බිලියන 3 ක වටිනාකම ඇති කොටස් පමණයි. ඒ කියන්නේ 30%යි. මහින්ද රාජපක්ෂ යුගයේදි නම් අලෙවි දිනයට පෙර අලෙවි වෙනවා පමණක් නෙවි ඉල්ලුම් 200% යි. මේක තමා අද රටේ ආර්ථික තත්ත්වය. ආයෝජන කෙරෙහි රටේ ජනතාවගේ මෙන්ම විදේශීකයින්ගේ විශ්වාසය බිදවැටිලා. ආයෝජකයින් බයවෙලා මොන පැත්තෙන් ඔහුන්ට බදු දමාවිද යන්න. අද වන විට රජයට නිසි සැල්ස්මක් නැහ. අයවැය හදනකොට හැමෝම අයිතිකාරයෝ එය ක්‍රියාත්මකවෙලා. ජනතාවට පිඩා වෙන කොට සියල්ලම මුදල් අමාත්‍යවරයාගේ කර පිටෙන්, සමහරු ඒ බව දැනගත්තා කියන්නෙ පත්තරෙන්. මහින්ද රාජපක්ෂ යුගය සෑම අතින්ම සාර්ථක යුගයක්’ යයි 2017 අයවැය සම්බන්ධයෙන් කරුණු දක්වමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ව්‍යවසාකයින්ගේ හමුවකදි පැවසීය.

2005දි මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති වශයෙන් රාජකාරි ආරම්භ කරමින් හිටපු පාලකයින්ට දොස් කියමින් හෝ සිදු වූ වැරදි ගැන සොයමින් කාලය විනාශ නොකළ අතර දිවුරුම් දී පලවෙනි සතියේදීම යුද්ධය සම්බන්ධයෙන් ඉතා වටිනා තීරණය කිහිපයක්ම ගන්නා ලදි.

පලමුව දක්ෂයින් ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පත්කරගත් අතර අති දක්ෂ නිලධාරින් පිරිසක් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතනවල ප්‍රධානින් ලෙස පත් කරගෙන රටේ දැවෙන ප්‍රශ්න විසදීම ආරම්භ කලා. මුදල් අමාත්‍යාංශය හා මහා බැංකුවට ඉතාම ඉහළින් පරිපාලන කිරීමට අවශ්‍ය නිලධාරින් පත්කොට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙසත්, එවකට පැවති රජය විසින් විශ්‍රාම ගැන්වීමට ඔන්න මෙන්න කියා තිබු මෙන්ම කිසිදිනක රටේ යුද හමුදාපති වීමේ අවස්ථාව අහිමිව තිබු ලෙෆ්ටිනට් ජෙනරාල් සරත් ෆොන්සේකා 2005 දෙසැම්බර් 6 දින යුදහමුදාපති ලෙසත් පත් කලේය.

පැවති එක්සත් ජාතික පක්ෂ රජය මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයන් විසින් ඒ වන විටත් තරගෙට මෙන් රටේ තිබු සම්පත් කුණු කොල්ලයට විකුණා දමා තිබුණ අතර රටේ සමස්ථ දේශීය හා විදේශීය ණය ප්‍රමාණය වාර්ෂික දල ජාතික නිෂ්පාදනයෙන් 106% දක්වා ඉහළ ගොස් තිබුණි. රටේ ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 1241 කි. රටේ බැලු බැලු අත බෝම්බ පිපිරෙමින් සෑම ජනකොටසකගේම ජීවිතවලට මරණ බිය ඇතුළු වූ යුගයක සෑම අංශයක්ම තුල බලාපොරොත්තු සුන් වී අද හෝ හෙට රට දෙකඩ වී ඊලම් රාජ්‍යයක් බිහිවන බවට ජනතාව මෙන්ම සමහර මිත්‍ර රටවල්ද අනාවැකි පලකලහ.

එහෙත් රටේ ජනතාව අවශ්‍ය අරමුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිවැරදිව හඳුනාගෙන එක වැඩි ඡන්දයක් පාර්ලිමේන්තුවේ ඇතිව ආරම්භ කරපු වැඩපිළිවෙළ ඉතා සාර්ථකව නිම කිරිමට හැකි වු බව අද වෙන කොට රටේ ජනතාව හොදින් තේරුම් ගෙන තිබෙනවා. එවන් අති දුෂ්කර පරිච්ඡේදයක් නිමකොට රටේ සෑම තැනකම සාමය උදාකොට නැවතත් දකුණේ ජනතාවට හීනයක්ව පැවති උතුරට දුම්රියෙන් ගොස් නාගදිපය වැදපුදා ගැනුමේ අවස්ථාවත්, උතුරේ ජනතාවට මාතරට සීග්‍රගාමි දුම්රියෙන් ගොස් කතරගම වැද පුදා ගැනිමට අවස්ථාවත් මහින්ද ජනාධිපතිතුමා උදාකර දුන් බව බැසිල් රාජපක්ෂ පැවසිය.

අද වනවිට රටේ සමස්ථ ණය බර ඉහළ ගොස් පොලී අනුපාතය එදා තිබුණාට වඩා basil-rajapaksaදෙගුණයකින් වැඩි වී ඇති අතර ගමේ කුඩා ආර්ථිකයේ සිට මහා පරිමාණ සමාගම් දක්වා මෙහි අහිතකර ප්‍රතිඵල භුක්ති විදීමට සිදු වී ඇති බැව් පැහැදිලිව පෙනෙන්නට ඇත. අද ගමේ බඩ ඉරුගු ගොවිතැන සම්පූර්ණයෙන්ම කඩා වැටිලා මෙවර වී ගොවිතැන පොහොර සහ කෘමිනාශක ගැටලු නිසා අවහිර වෙලා ගමේ සුළු වෙළෙදාම් කරන ව්‍යයාපාරිකයා සිට සුළු කර්මාන්ත කරුවාගේ පටන් නොයෙකුත් බදු, ඉදිකිරීම් කර්මාන්තය අඩාලයි. සංචාරක කර්මාන්තයට කිසිදා නොවු විරු අයුරින් බදු ගහලා. රටේ ජනතාවට දෙන සහනාධාර කප්පාදුවට ලක්කරලා. රටේ බිහිසුනු යුද්ධයක් තිබූන අවස්ථාවෙත් මෙහෙම වුනේ නැහ.

අපි රටේ සමස්ථ ණය බර දල ජාතික නිෂ්පාදනයෙන්106% තිබු ප්‍රමාණය 2014 වනවිට 71% දක්වා අඩු කලා. රටේ 21% කටත් වඩා වැඩි තිබු පොලි අනුපාතය 7% දක්වා අඩු කලා. වසර 10ක් තුලදි රටේ ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 2981 දක්වා වැඩි කලා පමණක් නෙවී රටේ බැලු බැලු අත සංවර්ධනය ව්‍යායපාර මෙන්ම පලමු අධිවේග මාර්ග පද්ධතිය හා නොකඩවා පැය 24 පුරා විදුලිය සපයන දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රීලංකාව පත්කලා’ යැයි හිටපු අමාත්‍යවරයා පවසන ලදි.

11 views

17 Comments to “සමස්ථ ආර්ථිකය භයානක අඩියකට.. ආයෝජකයින් බියවෙති… ‘ජෝන් කීල්ස්’ කොටස් පවා නොවිකිණී වේලෙති..”

  1. shehan says:

    මේ වසරේ (2016) මුල් මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 878.7 කින් (රු. කෝටි 87870 කින්) ඉහළ ගොස්‌ තිබේ.

  2. fernando says:

    මෙයයි sathya
    මේවා ගැන සිතන්න
    Ada apata,රටට මොනවද unay kiyala

  3. ගම්ලත් says:

    නියමයි සර් ඔහොම යන් , අපේ ජනතාවටත් ටිකක් මුන්ගේ බොරුව තේරෙන්න එපාය……….

  4. කමනි says:

    අනිවාර්යයෙන්ම නිදහසන් පසුව මේ රටේ තිබූ කාලකන්නි යුගය බවට මෛත්‍රී-රනිල් පාලන යුගය ඉතිහාස ගතවෙනවා,

  5. Samantha PDK says:

    නියමයි, ඔන්න ඔහොම්ම ටික කාලයක් යන්න දෙන්න, නලුවෝ නෙමෙයි එලුවෝ කියල ජනතාවට තේරුම් යනකන්…..

  6. Saroja says:

    Ko me yamapalaneta suduhunu gana yamapalana kaakko.

Main News