සමස්ථ ජාතියම තීරණාත්මක සන්ධිස්ථානයක.. තෙල්දෙණියේ සත්‍ය කතාව මෙන්න..

March 7, 2018 at 11:04 pm | lanka C news
සමස්ථ ජාතියම තීරණාත්මක සන්ධිස්ථානයක.. තෙල්දෙණියේ සත්‍ය කතාව මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

සමස්ථ ජාතියම අතිශයින්ම බැරෑරුම් තීරණාත්මක සන්ධිස්ථානයක ඉන්න මොහොතකයි අද අප මේ කතා කරන්නේ. මේ අවස්ථාවේ රටේ කිහිප තැනක සිදුවන ජාතිවාදී ගැටුම් වහාම නැවතුනේ නැතිනම් ශ්‍රී ලංකාව යලි ගොඩ ගත නොහැකි ආගාධයට ඇද වැටීමෙන් කාටවත්ම නතර කරන්න බෑ. සිංහලයන්ගේ ප්‍රශ්නවලදී හඩ නගපු නායකයෙක් විදිහට මම සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා වහාම මේ ගැටුම් නතර කිරීමට මැදිහත් වෙන්න කියලා. ඒ වගේම ගැටුම් වලින් ඉවත්වෙන්න කියලා ඉතාම අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විපතට පත්වූවන්ට හැකි පමණින් උදව් උපකාර කරන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විපතට පත් ජනතාවට අපේ සාතිශය සංවේගය පලකරනවා.

මේ ගැටුම ඇතිවුනේ සිංහල තරුණයෙකු මුස්ලිම් පිරිසක් විසින් පහර දී මරා දැමීම නිසා කුපිත වූ සිංහල ජනතාව මුස්ලිම් ස්ථාන වලට පහරදීමෙන් කියලා මේ වන විට මාධ්‍ය වලින් වාර්තාකර තිබුනත් ඒක ඇත්ත නෙවෙයි. පහර දී මරා දැමු කුමාරසිංහගේ මරණයේ දී ජනතාව කුපිත වුනේ නැ. ඔහුගේ මරණයෙන් පසුව යුහුසුලුව ක්‍රියාත්මක වූ පොලීසිය සීසීටීවී දර්ශන ඇසුරෙන් අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා. අධිකරණය අදාල පුද්ගලයන් රක්ෂිත බන්දනාගාර ගත කලා. ඒ නිසා නීතිය නිසිලෙස ඉටුවන බව දැක්කම ජනතාව නීතියට යුක්තිය ඉටුකරන්න බාරදීල නිහඩව හිටියා.

නමුත් පසුගිය ඉරිදා ඒ මරණය සිදුවූ ප්‍රදේශයේ කඩමණ්ඩියේ කඩ පහක් ගිනිබත් වෙනවා. මේ කඩ පහෙන් දෙකක් මුස්ලිම්, ඉතිරි තුන සිංහල. පොලිස් ආරක්ෂාව මැද තමයි මේ කඩ ගිණිගැනීම සිදු වන්නේ. ගිණි තැබුණද නැතිනම් ගිනි ඇවිලීමක් සිදුවී යාබද කඩ පහම ගිණිගත්තා දැයි කිසිම තොරතුරක් නෑ. එතෙක් නීතියට අනුව කටයුතු කල පොලීසිය හදිසියේම එදා මළගෙදර පැමිණි බස් රථයක් මග නතර කරලා බස්රථයේ සිටි 24 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. මේ අහේතුක අත්අඩංගුවට ගැනීමෙන්  ජනතාව කුපිත වෙලා සිටින බවත් ඒ නිසාම කළබලයක් ඇතිවිය හැකි බවටත් දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉතාමත්ම උද්දච්ච ස්වරූපයෙන් මන්ත්‍රිතුමා කලබල වෙන්න එපා ඒවා අපි බලාගන්නම් යැයි ප්‍රකාශ කරනවා. ඒ අනුව තමයි අවමංගල උත්සවය තිබුණු දවසේ සවස් වරුවේ කලබල ඇතිවීමක් සිද්ධ වුනේ. ජනතාවට නීතිය ක්‍රියාත්මකවීම නිසිලෙස සිදුවන්නේ නෑ කියලා හිතෙනකොට නීතිය පක්ෂග්‍රාහීත්වයෙන් ක්‍රියාත්මක වෙනවා කියල හිතෙනකොට තමයි තමන්ගේ අතට නීතිය අරගෙන යුක්තිය ඉටුකර ගැනීමට උත්සහ කරන්නේ. මේක ලංකාවේ නොවෙයි ලෝකය පුරාම සිදුවන ඇත්තක්. නීතිය නිසි ලෙස ඉටු නොවන බවට ජනතාවට හැගීමක් ඇතිවුනොත් විතරමයි ජනතාව නීතිය අතට ගන්නේ.

අපි පසුගිය කාලයේ දැක්කා එක පැත්තකින් පොලීසියේ පක්ෂග්‍රාහීත්වය ගැන බරපතල චෝදනා ආවා. තමන් නීතිය නමන බවට පොලිස්පතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා. මේ වැනි ක්‍රියා කලාප නිසා ජනතාවට ඇතිවු නීතිය ගැන අවිශ්වාසය තමයි මේ මහා ගින්නට අවශ්‍ය පළවෙනි ගිනි පුළිඟුව බිහිකළේ.

අපි ලෝකය පුරාම දැකල තියෙනවා රටේ මැතිවරණයක් ආණ්ඩුව විසින් පරාජයට පත්වුණා ම ආණ්ඩුවේ නායකයා ඉල්ලා අස්වෙනවා. අපේ රටේ අගමැතිතුමන් වගේ 67% ජනතාව ප්‍රතික්ෂේප කලේ නැතත් එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන්ගේ මතය ජනමත විමසුමකදී 52% ජනතාව ප්‍රතික්ෂේප කල නිසා ඔහු ඉල්ලා අස් වුනා. මන්ද ආණ්ඩුවක් සමස්ථ රට පුරාම පැවති මැතිවරණයකදී පරාජයට පත්වූ විට ඒ ආණ්ඩුවට රට පාලනය කිරීමේ නීත්‍යනුකූල අයිතියක් තිබුණත් සදාචාරාත්මක අයිතියක් නැහැ. එවිට රටේ නීතිය ගමේ ක්‍රියාත්මක කරන පොලීසිය ජනතාව ගනන් ගන් නැතුව යනව. මොකද ආණ්ඩුවේ අධිකාරී බලය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනවා. අම්පාරේ දී තඹුත්තේගම දි වගේම මහනුවරත් සිදුවෙන්නේ මේ කයි. ප්‍රතික්ෂේපිත ආණ්ඩුවක් බලහත්කාරයෙන් රට පාලනය කිරීම නිසයි රට අරාජික වෙලා තියෙන්නෙ

– අරවින්ද අතුකෝරල

110 views

19 Comments to “සමස්ථ ජාතියම තීරණාත්මක සන්ධිස්ථානයක.. තෙල්දෙණියේ සත්‍ය කතාව මෙන්න..”

  1. PISSU PUSHA says:

    Totally agreed, they must have parliamentary election immidiatly without killing people for benefits of less than 200 criminals

  2. Open mind says:

    බස් රථයෙන් පැමිණි 24 දෙනා අත් අඩංගුවට…….මොවුන් කවුද. කරන්නේ මොනවා ?………බළලා මල්ලෙන් එළියට පැන්නාද?

  3. Sri says:

    Gemmo ..Umba Patta Jaathiwadiyek Nowana Bawa Ratama Dannawa …
    Nikan Boru Seeen Mawanne Natuwa Hitu ..
    Umablala Karana Me ketawiliwalata essarahata umbalge pawl pitin Padsan dei. Parissam weyan.

    Weeratah Oya Katwamai Kiyanna Thiyenne

    • Amda says:

      Palayan on shree,.uba monawa danagenada katha karanne.uba e miniha kiyapu dewath therum aththada.uba wage wasalayintai hena wadinne.me taram deyak welath athtavathi hatiyen dakin nathuwa aththa kiyana ekata wala kapanawa.pala moosalaya makabewila.thopi wage un innakan me rata hadanna ne

  4. HarrySL says:

    අපේ රටේ බහුතරයක් වර්තමානයේ වෙසෙන්නේ අතීතය අමතක කරය. දෙශපාලකයින් කතා කරන්නේ අතීතය අමතක කරය. මහජනතාව අසාසිටින්නේ මතකයක් නැති ලෙසය. අප රටේ ලොකුම වඳ පෙත්ත දේශපාලනය බව මෙම සිදුවීමෙන් පැහැදිලිවම පෙනේ. මෙහිදී අසරන වන්නේ සාමාන්‍ය ජනයා පමනි. පටු අරමුනු ඇත්තන්ගේ අරමුනු සාර්තක වී අවසානයි.මහජනතාව තේරුම් ගන්න ඕනෙ අපේ රටේ තියෙන්නේ තනිකරම විකෘති වෙච්ච ආර්ත්මාර්ත්තකාමී දේශපාලනයක් කියල. මිලියන 21.2ක් පාට පාට වලට බෙදිල උන් උන්ම් ඇරගන්න රටක ඒවට වග කියන්න ඕන උන් බෙන්ස් වලින් බැහැල එකට පාටි දානව. මිලියන 21.2කින් බහුතර චන්ද බලය තියෙන මී හරක් තේරුම් ගන්න ඕනේ මහ එවුන් එලි පිට කෙල ගත්තට උන් ඇත්තටම කෙලවල තියෙන්නේ අපිට කියල.

  5. Raawanaa says:

    maranayata adaala sekakaruwan allala bandhanaagaara gatha kalaa nam neethiya kriyaathmaka karala nedda? ehema kalaa nam me siddi walata waga kiyanna one kawuda? modayinge gobba kathaa.meka sampoornayenma bora diye maalu bemak.

  6. Puik says:

    Uba mulin kiyan akatha wa hari. Eth anduwa chanden paradichcha nisa minissu polisiyata gahuwa kiyana kathawa gon harak logic ekak. Uba kiyanne Polisiyaayi anduwai ekai kiyala da ?

  7. Gwaka says:

    ඇත්ත මේ රටේ සිංහල මිනිස්සු එකතු වෙලා මරන්න ඕන මුස්ලිම් මින්ස්සුන්ව නෙවෙයි සුළු පිරිසක් වෙන මුස්ලිම් අන්තවාදීන්ට උන්ගේ සල්ලි අරගෙන සහයෝගය දක්වන දක්වපු පැවති රජයේ සහ මේ රජයේ ඉන්න උඹ වගේ දේශපාළුවන්වයි.

Main News