සමස්ථ බෞද්ධයන් වෙනුවෙන් චන්ද්රිකා මුස්ලිම් ජනතාවට කණගාටුව පල කරයි…
June 25, 2017 at 3:24 am | lanka C news
මෙරට ජාතිවාදී කණ්ඩායමක් විසින් මුස්ලිම්වරුන්ට කරදර කරන්නට පටන් ගෙන ඇති බවත් ඔවුනගේ කඩසාප්පු ගෙවල් දොරවල් කඩන බිදින බවත් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරංතුග මහත්මිය පවසයි.
සිවුරු දැගෙන සිටින පුද්ගලයෙක් මීට සෘජුව සම්බන්ධ බවද ඇය චෝදනා කලේ නිට්ටඹුවේදී පැවති ඉෆ්තාර් උත්සවයක් අමතමිනි.
මුළු මහත් මුස්ලිම් ප්රජාවට බෞද්ධ ජනතාව වෙනුවෙන් තමන් කණගාටුව පල කරන බවද ඇය එහිදී කියා සිටියාය.