සමහරුන්ට අස්ස කුලප්පුව හැදිලා පොර ටෝක් දුන්නට ආණ්ඩුව පෙරලන්න බෑ..- නිමල් සිරිපාල
January 18, 2022 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවේ ගමන වැලැක්වීමට හෝ කකුලෙන් අදින්න සූදානමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
‘අපි රජයේ වැඩ කටයුතු පිළිබඳව යතාර්තවාදීව බලන්න ඕනෑ. සමහරුන්ට අශ්ව කුලප්පුව හැදිලා තියෙනවා හෙට ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නෑ.
ආණ්ඩුවක් ගෙනියන්න 113ක් ඇති ආණ්ඩුව වැරදි ගමන් මාර්ගයක යනවා නම් අපේ කාර්යය විය යුත්තේ එය නිවැරදි කිරීමයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළක් අපි ගෙනියන්න ඕනෑ.
ආණ්ඩුවේ වැරදි හින්දා ඔක්කොම අපිට කතිරේ ගහයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා අපි හොඳ වැඩපිළිවෙළක් මේ රටේ ජනතාවට ලබාදෙන්න ඕනේ. එතකොට තමයි ආකර්ෂණය වෙන්නේ.
පොර ටෝක් දුන්න කියලා මිනිස්සු ඡන්දය දෙන්නේ නෑ. ඒ නිසා අපිට මේ අවස්ථාවේ දී ආණ්ඩු බලය ගන්නවත් පෙරලන්න වත් අවශ්‍යතාවයක් නැහැ’
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයක් අමතමිනි.
Yes…. Minister don’t think about the poor people save your Minister post keep up
umbala wage wayasata giya ape rate tax salli walin kala bada reka gaththa unta ona balaye inn witharai me wage ahinsaka minissunge dewal kala ratata kisima sewayak nokara thamange lamayinta kanna dun me wage minissu aniwaryemma yanne awich narakadiyata