සමහරු ගෙනා යෝජනාවලට කැමැති වුණා නම් මං අදත් පාර්ලිමේන්තුවේ.. මහින්ද දිනවන සටනේ මං හෙට සිට යලි වැඩ…
November 4, 2017 at 10:00 am | lanka C news
“සංවිධානාත්මක පිරිසක් මාව දේශපාලනයෙන් අතුගාලා දාන්න හදනවා. ඒත් මාව වට්ටන්න කාටවත් බැහැ. හෙට ඉඳලා මම මගේ මැතිවරණ සටන නැවත ආරම්භ කරනවා. මහින්ද මහත්තයත් එක්ක හෙටම දේශපාලනය කරනවා. බෙන්තර ඇල්පිටියෙ ගමක් ගමක් ගානේ රැස්වීම් තියලා මම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා” යෑයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
ද්විත්ව පුරවැසියකු වීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු ඇගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ‘දිවයින’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය.
මේ නඩු තීන්දුවෙන් මම සැලෙන්නේ නැහැ. මම දැන් නිදහස්. හෙට ඉඳලා මට නිදහසේ මගේ දේශපාලන ප්රචාරක කටයුතු කරන්න පුළුවන් යෑයි ද කුමාරසිංහ මහත්මිය කියා සිටියාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කීවාය.
මම මේ දේශපාලනයට ඇවිත් ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයත් අහිමි කරගත්තා. මට ඒ දේවල් ලොකු නැහැ.
මම දන්නව බෙන්තර ඇල්පිටියෙ ජනතාව තවමත් මා එක්ක ඉන්නවා කියලා. ඡන්ද හැටපන්දාහක් අරන් මම පාර්ලිමේන්තු ගියේ. එහෙම නැතුව කාගෙවත් පස්සෙන් ගිහින් මම පාර්ලිමේන්තු ගියේ නැහැ.
දේශපාලනය කරන්න ගිහින් මම මගේ දේපළ වස්තුව නැතිකර ගත්තා. මම ජනතාව වෙනුවෙන් මගේ සල්ලි වියදම් කළා. ඒ බව බෙන්තර ඇල්පිටියෙ ජනතාව දන්නවා.
මට මගේ අවංකභාවය පෙන්වන්න ගිහින් නීතිය ඉදිරියේ අසරණ වුණා. මට සිද්ධවෙච්ච දේ ගැන යූ එන් පී මැති ඇමැතිවරුන් පවා කනගාටුවෙන් කතා කළා.
සමහරු ගෙනාව යෝජනාවලට මම කැමැති වුණා නම් මම තාමත් පාර්ලිමේන්තුවෙ ඉන්නවා. ඒත් මම මගේ දේශපාලනය පාවා දුන්නෙ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා දිනවන්න මට දිගටම දේශපාලනය කරනවා.
දකුණු පළාතම නියෝජනය කරපු මන්ත්‍රීවරිය මමයි. හෙට ඉඳලා දකුණු පළාතෙන් පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනයක් නැහැ.
වෙච්ච දේ ගැන කනගාටුයි. ඒත් මම අලුත් ජීවයකින් නැගිටිනවා යෑයි ද ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
– Divaina
ද්විත්ව පුරවැසිකමයි..නෝනෙ පුරස්නෙ…ඒක අයින් කොරාගෙන වරෙන්…ඒකත් එක්ක මයිනගෙ ඇගේ එල්ලෙන්න එපා…
සමන්, ඔබේ දේසපාලන දැනුම ගැන හරිම කණගාටුයි. ඇය දැන් ද්විත්ව පුරවැසි භාවයෙන් මිදුණ කාන්තාවක්.
එහෙනන් අවුලක් නෑ..අධිකරණ තීන්දුව හරි..
ඒක තේරුනෙත් දැනුයි මේ බූරුවට කියහන්කෝ !!
If she didnt have the Dual Citizenship, how did she lose her MP position? Did the Court made a wrong decision?
The verdict of the court is solely based on the fact that her holding of dual citizenship at the time of making nominations for such post only.
Ethakota ban ara Hansa sabhapathi ootath dwithwa purawasikama thiyawane e pakshenne lokkath illuwe…
me deshadrohi jaathiwaadi balliwa raten pituwahal karanu.
At least she has a good Sinhala name. What name do you have Perera? A parangi name just like me.
Are you of Portuguese origin?
You sound like GONJA’s sibling.
Dan kawuruwath Perarage commentganan ganne ne. Pavu.
Me wage nugath ganiyekta chande denne dakune harak thamai. MOKADA gutha kiyanne ussara niliyanwa oanduren botuwlin naw walata naggala wathal pathen basanawalu. Ehenaghin set wecha sudden thamai oya badala tiyenne
දකුණේ ඉන්නෙ ගොන් හරක් තමයි නැත්තන් මේවගෙ එළදෙනුන්ට කතිරෙ ගහයිද
පඩික්කමි කටත් සුද්ද කරගෙන ආවොත් හොඳයි. ගදේ බැහැ.
Mahinda ta chanda godak wedewi neda ? ha ha .. ane paw. thiyana tikath netikaranne nethuwa inna.
ඔබේ පොල් රැවුල් පෙම්වතාගේ ජයග්‍රහණය ගැන සිතින් අත හැර ගන්න
මේක අසාධාරණ නඩු තීන්දුවක්….!
ද්විත්ව පුරවැසි භාවය දැන් නැත්නම් මොකක්ද ප්‍රශ්ණෙ?
කොහොම උනත්, මහින්ද මැතිඳුන් ජයග්‍රහණය කිරීමේ සටනට මගේත් සහයෝගය….