සමහරු හිතන්නේ ගැහැණු දරුවන් අපයෝජනයට මුලින්ම විරුද්ධ විය යුත්තේ කාන්තාවන් කියලයි..

July 25, 2021 at 8:02 am | lanka C news
සමහරු හිතන්නේ ගැහැණු දරුවන් අපයෝජනයට මුලින්ම විරුද්ධ විය යුත්තේ කාන්තාවන් කියලයි..

ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය මේ කුමන නමකින් ඉදිරිපත් වුවද ඒ සියල්ලම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් වන බැවින් එයට කොන්දේසි විරහිතව එරෙහිවීම වගකිව යුතු සමාජයක වගකීම වන බවත් ළමයින්ට එරෙහි එවැනි සිදුවීම් සම්බන්ධයෙන් හුදු විරෝධය පෑමකට එහාගිය නීතිය දැඩිව ක්‍රියාත්මක කරවීමට බලකෙරෙන සංවිධානාත්මක වැඩපිළිවෙලක් අවශ්‍ය බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

අපරාධකරුවා, චූදිතයා කුමන තරාතිරමක අයෙකු වුවත් වින්දිතයා වන්නේ දරුවන් බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී වගකීමෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු බව ඇමතිවරිය වැඩිදුරටත් සදහන් කරයි.

අමාත්‍යවරිය මේ බව සදහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසේ වයස අවුරුදු 16ක දැරියක් මෙහෙකාර සේවයේ යොදවමින්, අපයෝජනයකට ලක්කර පිළිස්සී මියයාම සම්බන්ධයෙන් සිය සංවේගය සහ කණස්සල්ල පළකරමිනි.

පසුගිය කාලය පුරාම දරුවන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රවෘත්ති අසන්නට දකින්නට ලැබීම සුලබව සිදුවූ බවත් එවැනි අවස්ථාවල එක් එක් සිද්ධිය මුල් කරගෙන ඊට අදාල විරෝධය පෑමකට යොමුවූවා විනා නැවත වතාවක් දරුවන් එවැනි ඉරණමකට ගොදුරුවීම වළකාලීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට ක්‍රමවත් සංවාදයක් සාකච්ඡාවක් ඇති නොවීම පිළිබදව අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.

ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය හරහා දරුවන් තුළ දැඩි මානසික ව්‍යාධියකට මෙන්ම දිගුකාළීන ශාරීරික ආබාධවලට ලක්විය හැකි වටපිටාවක් නිරන්තරයෙන් නිර්මාණය වන අතර එය නැවත වතාවක් සමාජයටම පාරාවළල්ලක් වන තත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බව සිහිපත් කළ අමාත්‍යවරිය ඇතැමුන් සිතන ආකාරයට ගැහැණු දරුවන් අපයෝජනයට ලක්කිරීම, කාන්තාවන්ට හිරිහැර කිරීම ආදිය පිළිබදව මුලින්ම විරුද්ධත්වය පළකල යුත්තේ කාන්තාවන් බවට සමාජ මතයක් ගොඩනැගෙමින් පවතින බවත් එය ඛේදනීය තත්වයක් බැවින් සමස්ථ සමාජයම එවැනි කාරණා වලදී ඉදිරියට පැමිණිය යුතු බව අමාත්‍යවරියගේ අදහසයි.

ළමා අපචාර, ළමා හිංසනය, කාන්තා හිංසනය සමාජයක පිරිහීම පෙන්නුම් කෙරෙන තත්වයන් බැවින් එවැනි තත්වයන් මගහරවා ගැනීමට කාන්තාවන් පමණක් නොව සැවොම එක්ව කටයුතු කිරීම වැදගත් බව සිහිපත් කළ අමාත්‍යවරිය සදහන් කලේ මියගිය ඉෂාලිනී ජූඩ් කුමාර් දියණියට යුක්තිය කඩිනමින් ඉටුවීම තවත් එවැනි දියණිවරුන් ආරක්ෂා වීමට හේතුවක් විය හැකි බව තමන් විස්වාස කරන බවයි.

– තුසිත ජයවර්ධන

9,470 views

5 Comments to “සමහරු හිතන්නේ ගැහැණු දරුවන් අපයෝජනයට මුලින්ම විරුද්ධ විය යුත්තේ කාන්තාවන් කියලයි..”

  1. සාරුව සුනිල් says:

    නීති හදන උනුයි, ක්‍රියාත්මක කරන උනුයි තමන්ට ඔනෙ විදියට නීති නමද්දි මොන සමාජ විනයක් ද නෝනේ.ඉස්සර වෙලා මහ කකුලුවො හැදිල ඉන්න

  2. චන්ද දායක says:

    මේක අපේ රටේ වුන පලමු වෙනි සිද්ධිය වත් , අවසාන සිද්ධිය වත්, නොවිච්ච , නොවන සිද්ධියකුත් නෙවෙයි. පොලිසියේ හැසිරීම , මාධ්‍ය , වලට අහුනොවුනු සිද්දීන් කොතෙක් ඇති ද ?

  3. ss says:

    යම් පිරිසක් අන්තවාදී ව කටයුතු කරන විට එයට එරෙහිව අන්තවාදීව ක්‍රියා කිරීම හෝ අන්තවාදය නිරාවරණය කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතුය

    තේරීම් කාරක සභාවලට කාන්තාවන් ඉදිරිපත් කරන ප්‍රශ්න සලකා බැලීමට පාර්ලිමේන්තුවේ කාර්තාවන්ම පත් කලයුතු බවට යෝජනා කලේ කවුද ?

    එවැනි අන්තවාදයකට ජාතික දේශපාලයක් වෙනුවෙන් සිය නියම ස්වරූපය ප්‍රදර්ශනය කර ජනතාව ඉදිරියට පැමිණිය යුතුය

  4. පැංචා says:

    එක මිනිහට ගෑනු හතරක් බැඳගන්න නීති තියන රටේ, ඒකත් මදි වෙලා ගෙදරට වැඩට එන ගෑනිටත් හු** රටේ කාන්තා අයිතිවාසිකම් ගැන මොන කතාද නෝනා?

  5. Sun says:

    We cannot trust these idiots as they control the country to a certain extent. Democracy is not functioning in the country even from the time of independence. Crooks are controlling the country coming as freedom fighters and democratic leaders of the country.

Main News