අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්…

June 22, 2020 at 5:30 pm | lanka C news
අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්…

වත්මන් පොදු ජනතාව අප රට තුළ විනිවිද දකින දේශපාලන සංස්කෘතියක් පිලිබඳ අපේක්ෂාවෙන් සිටින බවත් ,ඒ වෙනුවෙන් දේශපාලනඥයින් ද ඊට අනුගත ව ක්‍රියා කළ යුතුව ඇති බවත් ,අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

රට වැටි ඇති මෙම අසීරු අවස්ථාවේ දේශපාලනඥයන් හා මහ ජනතාව අතර විශ්වාසයේ බැඳීමක් අවශ්‍ය ව ඇතැයි කී ඒ මහතා ,එසේ නොවුනහොත් තව දුරටත් විකාර රූපී දේශපාලන වට පිටාවක් පවතිනු ඇතැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේබොරලැස්ගමුවේ පැවති සමාජ මාධ්‍ය ජාල ක්‍රියා කාරිකයන් පිරිසකගේ සුහද හමුවකට සහභාගී වෙමිනි .

හෙට්ටිගේ මහතා එහිදී මෙසේද කීය .

සමහර දේශපාලනඥයින් සිතනවාට වඩා වෙනස් විදියකට අද ජනතාව සිතනවා .මෙය තේරුම් ගන්න ඕනෑ .එසේ නැතොත් පැවැත්මක් නෑ .අගමැති තුමාට ජනාධිපති තුමාට රට ගැන හොඳ හැඟීමක් තියෙනවා .එතුමන්ලාට වැඩ කිරීමට සුදුසු වට පිටාවක් හැදෙන්න ඕනෑ

මහජනයාට දේශපාලනය එපා වී තිබෙන්නේ ඇතැම් දේශපාලනඥයින්ගේ වැඩ නිසා .සමහරුන්ට මුල අමතක වෙනවා .දේශපාලනඥයින් පමණක් නොව එවැනි නිලධාරීන් පිරිසකුත් ඉන්නවා .සමහරු කරන්නෙ ගැලපෙන්නේ නැති වැඩ .ඒ එක්කම නැති අවුල් හැදෙනවා .

එවැනි අමන වැඩ ගැන ජනතාව බලන්නේ අප්‍රසාදයෙන් .මාධ්‍යට සම්බන්ධ රටට ආදරය කරන බොහෝ පිරිසක් රටේ පාලනය ගැන ,දේශපාලන ක්‍රියාකාරිත්වය ගැන අවදියෙන් ඉන්නෙ .ඒ අය ජන මතය වෙනස් කරනවා .

රට තුළ විනිවිද දකින දේශපාලන සංස්කෘතියක් පොදු ජනතාව අපේක්ෂා කරනවා .දේශපාලනඥයින් ඊට අනුගතව ක්‍රියා කළ යුතුයි .

දේශපාලනය කරන සමහර අය ජනතාවට බොරු පොරොන්දු දෙනවා . මිනිස්සු ඒවාට හිනා වෙනවා .කරන්න බැරි දේවල් කියනවා .මේ නිසා තමයි දේශපාලනය ගොඩ දෙනෙකුට එපා වී තිබෙන්නෙ .මානව භක්තිය නැති කිසි කෙනෙකුට ජනතා සේවයේ රැඳී ඉන්න බෑ .සමහර අංකුර හා වැඩි හිටි දේශපාලනඥයින් ඉවක් බවක් නැතිව හැසිරෙන බව ජනතාව තේරුම් අරන් ඉන්නෙ .ඔවුන්ට ගුණ ධර්මත් අමතක වෙලා .පරමාදර්ශී පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවකින් එවැනි අය පුනරුත්ථාපනය කළ යුතුයි .

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයින් ද රටේ යහ පැවැත්ම වෙනුවෙන් අවදියෙන් ඉන්න ඕනෑ .රට හදන්න පුළුවන් වෙන්නේ හොඳ මිනිසුන්ගේ එකතුවකින් පමණයි .ධනය බලය තිබෙන බොහෝ දෙනෙකුට මානව භක්තිය නැතැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

– Khmedia

76 views

5 Comments to “අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්…”

  1. kamal says:

    මගේ හිතවත් කරුණා
    නුඹ අහිංසකයෙක් තමා නමුත් පැරණි කුරඅරුකම් මතක් කරොත් නුඹ ප්‍රේතයෙක් වෙනවා. ඒක හින්දා මගේ ආදරණිය කරුණා කරුණාව ගැන කියන්න. දෙමල මිනිස්සුන්ගේ කෘර කම නෙවෙයි සිංහල මිනිසුන්ගේ මනුස්‍යත්වය ගැන කියන්න. මම උඹට ආදරේ උඹට අධ්‍යාත්මයක් තියෙනවා බුරුවා

  2. Sun says:

    There is no honest politicians in Sr Lankan politics. They have their own agenda of making money in all possible way. They have no time to think about the country or people. Other thing no capacity and developed brains to plan for future. All are good at talking but all meaningless rubbish. It is good to cut down there and other benefits to recover the economy.

  3. Sun says:

    There are no honest politicians in Sr Lankan politics. They have their own agenda of making money in all possible ways. Just eat , sleep and talk. They have no time to think about the country or people. Other thing, they have no capacity and developed brains to plan for future. All are good at talking but all meaningless rubbish. It is good to cut down salaries and other benefits to recover the lost economy.

  4. ගෝනවල සුනිල් says:

    ” ධනය බලය තිබෙන බොහෝ දෙනෙකුට මානව භක්තිය නැතැයි..” හරියටම කිව්වා. ඒ දෙක විතරක් නෙමේ ගොඩක් උන්ට ලාජ්ජාවකුත් නැහැ. සල්ලි වලට ඕන ලැට් වලක් හාරාන් කයි ඕන දේශද්‍රෝහියකු සමග deal දායි. අම්මා තාත්තා උනත් චීනෙට උකස් කරලා ණය ගනියි. එහෙව් බලයට සල්ලි වලට කෑදර උන් ඉන්න රටක් මෙහෙම හරි තියන එක ලොකු දෙයක්. මේක ඉතින් අපේ පෙර පව තමා.

  5. GU-VP-ගෝනවල සුනිල් says:

    GU-VP-ගෝනවල සුනිල් pakayo GU-SA walata, GU-UK, GU-INDI yawalata dunnata OK da?

    Toge gani denne GU-SA walata, GU-UK, GU-INDI yawalata

    Liyanakota liyapiya SAKKLI GU_VP karayek kiyala ahunowenna

Main News