සම්පත් බැංකුවේ ගිණුම් ගැන ජමිතුල් උලමා නිවේදනයක්..

July 7, 2020 at 10:32 pm | lanka C news
සම්පත් බැංකුවේ ගිණුම් ගැන ජමිතුල් උලමා නිවේදනයක්..

සම්පත් බැංකුවේ ගිණුම් ඉවත් කරගන්නා ලෙස මුස්ලිම් ජාතිකයන්ට සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව නොපැවසූ බව එම සභාව නිවේදනය කරයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ජන හමුවක දී සිදු කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව කීවේ නැත

පසුගිය සතියේ දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය කනස්සල්ල පළ කරයි. මෙවන් සිදුවීම් අදාළ පාර්ශවකරුවන් සමග සුහදව විසදා ගැනීම සුදුසුම ක්‍රියාමාර්ගය වේ.

මෙම සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බව ප්‍රචාරයන් පැතිරෙමින් තිබෙයි. මෙය සහමුලින්ම අසත්‍යය ප්‍රචාරයක් බව රටේ ජනතාවට අප සභාව වගකීමෙන් යුතුව දන්වා සිටියි.

මෙරට මුස්ලිම්වරුන්ගේ පැරණිතම සංවිධානයක නම භාවිත කරමින් ව්‍යාජ ප්‍රචාරයන් කරන අයගෙන් ප්‍රවේශම් වන මෙන් ද, අප සභාව පිළිබඳ ප්‍රවෘත්ති පළ වූ විට ඒවා www.acju.lk යන නිල වෙබ් අඩවිය තුළින් සනාථ කර ගන්නා මෙන් ද, අප සභාව රටේ ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටියි.

අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

0 views

23 Comments to “සම්පත් බැංකුවේ ගිණුම් ගැන ජමිතුල් උලමා නිවේදනයක්..”

  1. Dikman Aiyya says:

    …….AH HOOOO RATHAN NODITY MOKPURA,…..Buddhist Monk telling lies,…trying to create disturbance in the society,…this is the best it can be….Lol….he is ideal for 3% gang….Nikan Paw Puraaawaganna

  2. Citizen says:

    So many Banks were robed by gangsters wearing full face helmets. But it is dissapointing and surprise to note why the Governments are so lethargic and acting like without a back bone to ban full face helmets immediately.

    • Citizen (Original) says:

      According to a Confirmed NEWS SAMPATH bank robbed by their own staff and there are ongoing court cases.
      Think twice before blame poor customers

      Note to comment owner:
      If you have any difficulties to find names (To Comment Here) Contact me i will give you a list

  3. Ranil says:

    Munwa Kawuda Ban Vishwasa keranne???? ahuwechcha awun innawa kiyala penawa… modayo…
    he.. he.. he..

Main News