සම්ප්‍රදායක දඩයම ආරම්භ වූ අයුරු ප්‍රදර්ශනය කෙරෙන දේව මෙහෙයක්…

July 4, 2020 at 2:02 am | lanka C news
සම්ප්‍රදායක දඩයම ආරම්භ වූ අයුරු ප්‍රදර්ශනය කෙරෙන දේව මෙහෙයක්…

අතීතයේ මිනිසුන් සාම්ප්‍රදායික දඩයම් සිදුකල අයුරු ප්‍රදර්ශනය කරමින් මුලතිව් ඔඩ්ඩුසුඩාන් හින්දු කොවිලේ වාර්ෂික දේව මෙහෙය මෙවරද උත්සවාකාරයෙන් පැවත්වුණි.

කොරෝණා අවධානම හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් ඔඩ්ඩුසුඩාන් තාන්තොන්දිස්වරා හින්දු කෝවිලේ වාර්ශික දේව මෙහෙය පැවත්වුණි.

පැරණි ජනාවාසයන්හි ජීවන රටාවන් නිර්මාණය කරමින් පැවත්වෙන් මෙම දේව මෙහෙය වෙනත් කිසිදු කෝවිලක නොපැවත්වෙන බැවින් මෙම ඔඩ්ඩුසුඩාන් කෝවිලේ වාර්ෂික දේව මෙහෙය විශේෂත්වයක් ගන්නා අතර එය වෙනුවෙන් බැතිමතුන්ද විශාල පිරිසක් එක්වීම සෑම වසරකම සිදු වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

284 views
Main News