සම්පායෝට බන්ධනාගාරයේ රජ සැලකිලි.. වෙනම කාමරයක්.. විදුලි උපකරණ දෙයි..

August 4, 2020 at 10:32 pm | lanka C news
සම්පායෝට බන්ධනාගාරයේ රජ සැලකිලි.. වෙනම කාමරයක්.. විදුලි උපකරණ දෙයි..

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ද සම්බායෝ වෙනුවෙන් පහසුකම් සහිත කාමරයක් බෝගම්බර බන්ධනාගාරයේ සකස් කර දී ඇතැයි වාර්තා වෙයි.

ඔහු බන්ධනාගාරයට ගෙන ඒමට ක්‍රියා බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඒවා සම්පාදනය කර ඇතැයිද සඳහන්ය.

බන්ධනාගාර ගතකරනු නවක රැදවියන්ට නිරෝධායනය සඳහා වෙනම රදවා තැබුවද ඔවුන්ට කිසිදු විශේෂ පහසුකම් හිමි වන්නේ නැත.

නමුත් සම්පායෝ වෙනුවෙන් එම බන්ධනාගාරයේ වෙනම කාමරයක් ලබා දී ඇති අතර මෙට්ටයක් මෙන්ම විදුලි උපකරණ කිහිපයක් ද ලබාදී ඇති බව වාර්තා විය.

ඔහුගේ පරිහරණ සදහා පිගන් භාණ්ඩ බන්ධනාගාර නිලධාරින්ගේ සුභසාධක සංගමයේ අලෙවිසැලෙන් ලබාගෙන ඇති බවද සදහන්ය.

– මූලාශ‍්‍රය නෙත්

2,116 views
Main News