සම්පායෝ නිරෝධායනයට යොමු කරයි..

August 4, 2020 at 11:20 am | lanka C news
සම්පායෝ නිරෝධායනයට යොමු කරයි..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද මීගමුව හිටපු බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ද සම්පායෝ ඊයේ පස්වරුවේ දුම්බර බන්ධනාගාරයට ගෙන ගොස් තිබේ.

බන්ධනාගාර ගත කිරීමට පෙර ඔහු මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි නිරෝධායන වාට්ටුවට රඳවා තැබීමට පියවර ගෙන ඇත.

ඔහුගේ නීතිඥයන් විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් මත මීගමු බන්ධනාගාරය නොවන බන්ධනාගාරයකට යොමු කිරීමට කටයුතු කර තිබේ.

අද දිනයේ ඔහු නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් ඇරඹූ බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු දක්වා තිබේ.

210 views

3 Comments to “සම්පායෝ නිරෝධායනයට යොමු කරයි..”

  1. ක්‍රිමිනල් says:

    උපුටා ගැනීම “”ජනාධිපතිතුමනි, අපි ඔබතුමාට කියන්නේ අපි ඔබතුමාට ඡන්දෙ දාපු මිනිස්සු. අගමැතිතුමනි, අපි ඡන්දෙ දාපු මිනිස්සු. අපිව බේරගන්න”උපුටා ගැනීම අවසන්.

    එච්චරයි ! 😜

  2. Kgs basnayake says:

    Still very fishy on this issue. Hope top brass in SI and defence will look into the matter since there are very respectful incidents in this case. Invisible hand is guiding and managing this issue to protect this thief.

  3. Love nature says:

    දූෂණය හා භීෂණය තුරන් කිරීමට පෙළ ගැසෙන දිනක, ඒ සුන්දර ලෝකයේ වෙසෙන ලොකු කුඩා බාල මහලු සැවොම සුරැකෙනු ඇත. එබැවින් දූෂණයෙන් හා භීෂණයෙන් තොර යහපත් හෙට දිනක් උදා කර දීමට නිතිය හරියා කාරීව ඉටු කරමු.

Main News