‘සම්පූර්ණ යොදය සහිත’ ආනයනික කිරිපිටිවලට 35%ක් ෆාම් තෙල් මිශ්‍ර කරයි…

April 7, 2021 at 3:00 pm | lanka C news
‘සම්පූර්ණ යොදය සහිත’ ආනයනික කිරිපිටිවලට 35%ක් ෆාම් තෙල් මිශ්‍ර කරයි…

මෙරට වෙළඳ පොළේ ඇති සම්පූර්ණ යොදය සහිත ආනයනික කිරිපිටි වලට 35% ක් ෆාම් තෙල් මිශ්‍ර කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

ඒ සඳහා මෙරට ඇති නීති රීතිවලින් අනුබලය ලැබී ඇතැයිද පැවසූ ඔහු ආහාර පනතින් මෙම කටයුත්ත තහනම් වුවද ආනයන අපනයන පනතින් රිංගා යා හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ නිසා මේදය පුරවන ලද කිරිපිටි වෙනුවට පූර්ණ යොදය සහිත කිරිපිටි ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේ දැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේ දී පැනයක් යොමු කරමින් මන්ත‍්‍රීවරයා මේ බව විමසීය.

ඊට ප‍්‍රතිචාර ලෙස වෙලද ඇමතිවරයා කියා සිටියේ පැවති රජය විසින් ආනයනික කිරි පිටි කිලෝවක් සඳහා වූ බද්ද රුපියල් දෙකක් දක්වා අඩු කිරීම නිසා මෙම තත්වය වඩා උග්‍ර වූ බවයි.

41,380 views

8 Comments to “‘සම්පූර්ණ යොදය සහිත’ ආනයනික කිරිපිටිවලට 35%ක් ෆාම් තෙල් මිශ්‍ර කරයි…”

  1. Sanka says:

    මේක මේ තුන්වෙනි ලෝකයේ රටවල්වලට කරන වැඩක්. නැචුරල් ෆැට් එක අයින් කරලා එවා වලින් චීස් බටර් හදනවා.

    අයින් කරපු ෆැට් එකට හරියන්න ගනන් අඩු ෆැට් එකක් එකතු කරනවා.

    • Dubba says:

      මුසම්මිල් අහන්නේ එකක්. බන්දුල උත්තර දෙන්නේ වෙන පැත්තකට.

      යකෝ අඩු තරමින් අදාළ ප්‍රමිතියක් හදා ගෙන යන බවවත් කියපන්කෝ. පස්සේ වැඩේ පටන් ගනින්.

      • රුපියල් 2500 සක්කිලි බලු මූනාට ගොම ගසමු says:

        හාල් ඇට 17 පොන්දුල කොමිස්වර්ධන නාකි මන්ද බුද්ධික සක්කිලි බලු මූනා යන්නේ කොහෙද මල්ලේ පොල්. රුපියල් 2500 බැල්ලිගේ පුතා මිනිස්සුන්ට මාරාන්තික පිලිකා කරක වස කවලා කොම්පැනි ආරක්ශා කරනවා. තුක් නොදකින් මිනීමරු වසලයෝ.

    • ජෝන් says:

      100% ස්වාබාවික එල කිරෙන් හදන කිරිපිට් 1kg රු. 2000.00 ට වත් ආනයනය කරන්න පුළුවන් ද කියල හිතන්නත් අමාරුයි. මාධ්‍ය හා දේශපාලකයින් ගෙ කර මතින් දුවන වියාපාරයකි කිරිපිටි ආනයනය. දුකයි. දුප්පත් ජනතාවට කාගේ නම් මග පෙන්වීමක් ලැබේද?

  2. King Bull says:

    ඒ ප්‍රශ්නෙට බන්දුල හොල්මන් වෙලා .

  3. Saradiel says:

    හැටේ දශකයෙන් පසු ඇතිවූ පරම්පරාව බටහිර විද්‍යාව පරම සත්‍ය ලෙස සැලකු පරපුරකි. ”හරිත විප්ලවය” නැමති ලණුවේ සිට මොවුන්ට වැරදුනු තැන් බෝහෝය. බටහිරයන් කුමන්ත්‍රනකාරීව අපේ ආහාර සුරක්ෂිතතාවය බිද දැමුවෝය. අසූව දශකයෙදී කොලෙස්ටරෝල්වලට ප්‍රධාන හේතුව වන්නේ පොල්තෙල් යයි ප්‍රචාරයක් දුන්නේය. මෙම ප්‍රචාරයට වැඩි දායකත්වයක් දුන්නේ බටහිර වෛද්‍ය වරුන්ය. විද්‍යාත්මක පදනමකින් තොරව තමන් ළඟට එන රෝගීන්ට පොල්තෙල් ආහාර තහනම් කළහ. පොත් තෙල් වල හිඩස පිරවූයේ ආනයනික ෆාම් තෙල්, සෝයා තෙල්ය. මේවා මිනිස් ශරීරයට වඩා වැඩි හානියක් කලේය. ෆාම් තෙල්, සෝයා තෙල් පරිබෝජනයත් සමගම කොලෙස්ටරෝල්, හෘද රෝග, මධුමේහය ජනයා අතර තිව්ර වූයේය. ඒ සමගම බෙහෙත් ආනයනය සඳහාද රුපියල් බිලියන ගණනින් වියදම් කරන්නට සිදු වූයේය. බටහිර වෛද්‍යවරු සහ සමාගම් එක ගලින් කුරුල්ලන් දෙබානක් බිම හෙලූහ . ඉන් නොනැවතුනු සමාගම් පොල් ඉඩම් අභාවයට යවමින් කටු පොල් (ෆාම්) වගා කලෝය.ජනාදිපති තුමාගේ අදහසට අපේ ප්‍රණාමය.

  4. Saradiel says:

    පොල්තෙල්.

    මව්කිරිවල අඩංගු Lauric අම්ලය ඇත්තේ පොල්තෙල්වල පමණි. එම නිසා පොල්තෙල් ඉතාම සෞඛ්‍යාරක්ෂිත වේ. Lauric අම්ලය යනු විෂබීජ නසන ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන ඉතා හිතකර රසායනිකයකි. පොල්තෙල්හි සංතෘප්ත මේද අම්ල ඇති හෙයින් ඉක්මනින් මුදු බවට පත් නොවේ. තවද පොල්තෙල් නටන උෂ්ණත්වයේදී ශරීරයට අහිතකර තෙල් වර්ග (Trans Fat) නිපදවීම සිදු නොකරයි. එම නිසා වරක් භාවිතා කළ පොල්තෙල් දෙතුන්වර බැදීම ප්‍රශ්නයක් නොවේ. නමුත් එළවළු තෙල් වශයෙන් හඳුන්වන (Canola, Corn, Soybean, Peanut Oil, Sunflower )රත් කිරීමේදී ශරීරයට අහිතකර තෙල් වර්ග (Trans Fat) නිපදවීම සිදු කරයි. එපමනක් නොව මේවායෙහි අසංතෘප්ත මේද අම්ල වැඩි හෙයින් ඉක්මනින් මුඩු බවට පත්වේ. මෙම මුඩු බව නැති කිරීමට කරන්නේ කෘතීම ප්‍රතිඔක්සිකාරක එකතු කිරීමය. මෙම කෘතීම ප්‍රතිඔක්සිකාරක පිළිකාකාරක බව රසායනාගාර පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත. එමෙන්ම මෙම රසායනිකයන් අක්මාව හා වකුගඩුවලට හානිකරන අතර ශරීරයේ ප්‍රතිශක්තියද හීන කරයි.

  5. විපත් මග says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්

Main News