සම්බන්ධන්ගේ මස්සිනා නමට ආ තහනම් සන්නිවේදන උපකරණ කන්ටේනරයක් රේගු බාරයේ.. මුදා හරින්නැයි බලපෑම්..
January 18, 2017 at 1:20 pm | lanka C news
දැනට දින කිහිපයකට පෙර කොළඹ වරායට ලගා වී දැනට පෑලියගොඩ බහාලූම් අංගනයේ රේගුව බාරයේ රදවා තිබෙන කන්ටේනර පෙට්ටියක මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ ඇත්තේ යයි වාර්තා වෙයි.
උතුරේ ප්රබල දේශපාලඥයෙකුගේ මස්සිනා කෙනෙකු නමින් එවා ඇති මෙම කන්ටේනරයට රේගුව විසින් මෙතෙක් දිනක් රදවාගෙන සිටියද මෙය නිදහස් කරන ලෙස ඉහල බලපෑම් කිහිපයක්ම රේගුවට ලැබී ඇති බවද ආරංචි මාර්ග කියයි.
CAMU0465018 අංක දරන මෙම කන්ටේනරය ගෙන්වා ඇත්තේ දෙමළ ජාතික සන්ධාන නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සමීප ඥාතියෙකු නමට යයිද සදහන්ය.