සම්බන්ධන්ට නොදැනුන දුක මහින්දට දැනේ..

December 25, 2018 at 6:48 pm | lanka C news
සම්බන්ධන්ට නොදැනුන දුක මහින්දට දැනේ..

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

උතුරු පලාත හා දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ඇතිවී තිබෙන ගං වතුර ආපදා තත්වය

අධික වර්ෂාපතනය නිසා උතුරු පළාත ඇතුලු දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ගං වතුර ආපදා තත්වයක් ඇති වී තිබේ. මේ නිසා ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව දහස් ගණනින් අවතැන් වී ඇත. නිවාස වතුරට යටවී ඇත්තා සේම, ප්‍රධාන මහාමාර්ග පවා භාවිතා කළ නොහැකි තත්වයක් ඇතිවී තිබේ.

ආපදාවට ලක් වී ඇති ප්‍රදේශ වල ජවතාවට සහන සේවා සැපයීම පිළිබඳ ජනාධිපතිතුමා දැනටමත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවට වාර්ථා වේ.

ආපදාවට ලක් වී ඇති සියලුම ප්‍රදේශවල පාහේ, පලාත් සභා නොමැති නිසා, ආපදා සහන සේවා සැපයීම කළමණාකරනය කිරීමේ ප්‍රධාන වගකීම දැන් අදාල අමාත්‍යංශ වලට පැවරේ.

ඒ අනුව ආපදා කළමණාකරන අමාත්‍යංශය ඇතුලු අදාල සෙසු අමාත්‍යංශ සහන සේවා සැපයීම සම්බන්ධයෙන් එම ප්‍රෙද්ශ වල ජනතාව විදින අපහසුතාවයන් අවම වෙන ආකාරයට යුහුසුළුව කටයුතු කරනු ඇති බවට අපි බලාපොරොත්තු වෙමු.

තම නිවාස අහිමි වීම, ජීවනෝපාය නැතිවීම වැනි කාරණා නිසා අගතියට පත් වී සිටින ජනතාව විදිනා අපහසුතාවය හා ආර්ථික  දුෂ්කරතා ගැන අපි මේ අවස්ථාවේදී කණගාටුව ප්‍රකාශ කර සිටින අතර, අදාල වන්දි ආණ්ඩුව පැත්තෙන් නොපමාව ලබාදීම තුළින් යම් සහනයක් ඔවුන්ට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක

131 views

3 Comments to “සම්බන්ධන්ට නොදැනුන දුක මහින්දට දැනේ..”

  1. CORBRA says:

    උතුරේ LTTE මිනීමරුවන් සැමරීමේ සාපය ….

  2. sinha le says:

    ඉක්මනින් උතුරේ සියලුම දෙමළ ජාතිකයන් දකුණු ඉන්දියාවට යවා අපේ රට දෙමල ඊළම් වාදීන්ගෙන් බේරාගැනීමට ස්වභාව දර්මයෙන් සිදුකරන සහනයක්
    අපේ උතුරේ පදිංචි සිංහල ජනතාවට සිදුකරන අපරාධ වලට, මේ කරන කෙනහිලි කම්වලට රණවිරුවන්ට එරෙහිව කල /කරණ කෙනහිලි කම්වලට දෙමල ජාතිකයන්ට ගං වතුර ගලලා මදි …..
    යුද්ධය නිමාවී ඊළාම් සිහිනය සැබෑ කරගන්නට වෙර දරන ද්‍රවිඩ සන්ධානයේ හිතවාදීන් (TNA) මේ අවස්ථාවේ මොකද කරන්නේ ? නිහඩයි නේද ?
    දැන් එදා වගේම දමිළ ජනතාව බේරා ගන්නේ අපේ සිංහල ත්‍රිවිඩ හමුදාව නේද ?ඔවුන්ටආපදා සහන සේවා සපයන්නේ සිංහලයන් නේද ?
    ලැජ්ජයි ජාතිවාදී ඊළම් ද්‍රවිඩ සන්ධානය

  3. kk says:

    කුමන්ත්‍රන කරලා 2019ට අයවැයත් නැති කොරලා රටම අස්තාවර කරල තව ලැජ්ජා නැතුව ඉක්මනින් වන්දි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවලු කියල බොරුවට රඟනවා.

Main News