සම්බන්ධන්ට විශ්වාසභංග එපා.. මහින්දගේ දැන්වීමෙන් සම්බන්දන්ට එරෙහි විශ්වාස භංගය නවතී..

April 23, 2018 at 4:40 pm | lanka C news
සම්බන්ධන්ට විශ්වාසභංග එපා.. මහින්දගේ දැන්වීමෙන් සම්බන්දන්ට එරෙහි විශ්වාස භංගය නවතී..

ඒකාබද්ද විපක්‍ෂය විසින් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාට විරුද්දව ඉදිරිපත් කිරිමට සූදානමින් සිටි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් නොකරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ඒකාබද්ධ විපක්‍ෂයට දන්වා ඇත.

දෙමල ජාතික සන්ධානය රටේ ප්‍රධාන විපක්ෂය වුවත් රජයත් සමගින් නිල වශයෙන් එක්ව කටයුතු කිරීම නිසා උතුරේ ජනතාව විසින්ම ඔවුනට පාඩම් උගන්වමින් සිටින්නේ යයිද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

වව්නියාව නගර සභාව දෙමල ජාතික සන්ධානය අතින් ගිලිහී යාමෙන්ම ඒ බව පෙනී යන බවත් දෙමල සන්ධානය පාලනය බලය දරන උතුරු පළාත් සභාවේද අර්බුද ඇතිව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එනිසා සම්පන්දන්ට විරුද්දව අමුතුවෙන් විශ්වාසභංග ඉදිරිපත් කිරීමට උවමනා නැතැයිද ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

105 views

18 Comments to “සම්බන්ධන්ට විශ්වාසභංග එපා.. මහින්දගේ දැන්වීමෙන් සම්බන්දන්ට එරෙහි විශ්වාස භංගය නවතී..”

  1. ranjan says:

    වල පයයි ගොඩ පයයි කොයි මොහොතේද දන්නේ නැහැ අනේ එපා විශ්වාසභංග එපා.